කොළඹ නාගරික දුම්රිය ව්‍යාපෘතියට මහරගමත්

කොළඹ නාගරික දුම්රිය ව්‍යාපෘතියට මහරගමත්

කොළඹ නගරයේ රථ වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් යෝජිත දුම්රිය ව්‍යාපෘතියේ පළමු අදියර පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් පැවැති අතර, එහිදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි ඉදි කිරීම සඳහා දුම්රිය මාර්ග තුනක් හඳුනාගෙන තිබේ.

ඒ අනුව රාගම සිට කොළඹ කොටුව හරහා කිරුලපන දක්වා ද, අනෙක් මාර්ගය මොරටුව, පිළියන්දල, නාරාහේන්පිට හරහා කැලණිය දක්වා ද, තුන් වැන්න කොට්ටාව, පන්නිපිටිය, තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද ඉදි කිරීමට යෝජිත බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීහු මෙහි දී අග්‍රාමාත්‍යතුමා හමුවේ පවසා ඇත.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මෙහි දී කියා ඇත්තේ වඩාත් ජනාකීර්ණ නගරයක් වන මහරගම නගරය මෙම ව්‍යාපෘතිය සඳහා ඇතුළත් කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බවයි. පිට පළාත්වලින් විශාල වශයෙන් ජනතාව මහරගම ප්‍රදේශය වෙත පැමිණෙන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දැනට පවතින නගරයේ දැඩි රථ වාහන තදබදයට ද මෙම ව්‍යාපෘතිය හරහා විසඳුම් ලැබෙනු ඇති බවයි.

ඒ අනුව කිලෝමීටර් 21.5ක දුරකින් සමන්විත යෝජිත කොට්ටාව, හුනුපිටිය දුම්රිය මාර්ගය සඳහා මහරගම නගරය ඇතුළත් කළ හැකි බව නාගරික සංවර්ධන අධිකාරී නිලධාරීහු අග්‍රාමාත්‍යවරයා හමුවේ කියා ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක් වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න