කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය වෘත්තීය කටයුතු අවදානමකින් තොරව සිදු කරගෙන යෑමට මාධ්‍යවේදීන්ට කොවිඩ් එන්නත කඩිනමින් ලබාදෙන මෙන් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සෞඛ්‍ය අංශ විසින් ඉල්ලීමක් කර ඇත.
මේ වන විට කොවිඩ් 19 හමුවේ අවදානම් සහිත රැකියාවල නිරත වන පුද්ගලයන්හට කොවිඩ් එන්නත ලබා දීමට සෞඛ්‍ය අංශ කටයුතු කරමින් සිටියි.
මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ද දැඩි අවදානම් සහිත කාණ්ඩයක් ලෙස සලකා කටයුතු කරන ලෙස ද මෙම ඉල්ලීම තුළ සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ වෘත්තීය කටයුතුවලදී කොව්ඩ් 19 වැළැදීමේ වැඩි අවදානමක් සහිත මාධ්‍යවේදීන්ගේ තොරතුරු පහත සදහන් අංකයන් හරහා ලබා දෙන ලෙසයි.
දුරකතන - 0112512017
ෆැක්ස් - 0112513756
ඊමේල් -

