විග්නේස්වරන් තවත් සන්ධානයක් හදන්න යයි : ලාංඡනය නෙලුම් මල

විග්නේස්වරන් තවත් සන්ධානයක් හදන්න යයි : ලාංඡනය නෙලුම් මල

උතුරු - නැගෙනහිර හා වතුකරය නියෝජනය වන පරිදි නව දෙමළ සන්ධානයක් බිහි කිරීමට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් කටයුතු කරමින් සිටින බව උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ නායකයින් වවුනියාවට රැස් වී 'දෙමළ ජනතා සභාවක්' පිහිටුවීමේ වැඩ සටහනට විග්නේස්වරන් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා සහභාගී නොවීමට මූලික හේතුව ඔහු මේ නව දෙමළ සන්ධානය පිහිටුවීම සඳහා මේදිනවල කටයුතු කරමින් සිටීමයි.

මෑතකදී ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට යෝජනා වූ අවස්ථාවේදී ඔහු ඊට දැඩි ලෙස විරෝධය පල කළත්, අලුතින් පිහිටුවීමට යන නව සන්ධානයේ ලාංඡනය නෙලුම් මල විය හැකි බවට ඔහු අදහස් දක්වා තිබේ.

කෙසේවුවද මැතිවරණ කොමිසමේ කාර්යාලයේ ප්‍රකාශයකු පැවසුයේ 'නෙලුම් මල' කිසිඳු පක්ෂයක ඡන්ද සලකුණ ලෙස ලබානොදෙන බවයි.

උතුරු නැගෙනහිර පළාත් වලට අමතරව වතුකරයේ සහය නව සන්ධානය වෙනුවෙන් ලබා ගැනීමට අපේක්ෂාවෙන් ඔහු ඉන්දීය භාරතීය ජනතා පක්ෂයම නොවූවත් ඊට සමාන නව දෙමළ දේශපාලන සන්ධානයක් බිහි කිරීම ඔහුගේ අරමුණ බව උතුරේ දෙමළ දේශපාලනඥයෝ පවසයි.

විග්නේස්වරන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත් වීමෙන් පසුව අවස්ථා තුනකදීම වරින් වර නව දෙමළ සන්ධාන බිහිකොට එම සන්ධාන වල නායකයා වී තිබේ.

තමිල් මක්කල් තේසීය කූට්ටනි (TMTK) සන්ධානය අලුතින්ම පිහිටුවා ඒ ඔස්සේ පසුගිය මහ මැතිවරණයට ඔහු යාපනයෙන් තරග කොට දැනට මන්ත්‍රීවරයෙකු වශයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න