ඇමති ජොනී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක වැඩ අරඹයි !

ඇමති ජොනී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මාර්ග රැසක වැඩ අරඹයි !

උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ අනුරාධපුරය දිස්ත්‍රික්කයේ මාර්ග රැසක සංවර්ධන කටයුතු මහාමාර්ග අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා ගේ  ප්‍රධානත්වයෙන් අද (04) දින ආරම්භ වුණි.

මේ යටතේ කිලෝමීටර් විසි හතක දිගින් යුත් තලාව කැකිරාව මාර්ගය (B 213), කිලෝමීටර් හතක දිගින් යුත් කැකිරාව ගනේවල්පොල මාර්ගය (B212) කිලෝමීටර් හතළිස් පහක දිගින් යුත් ගනේවල්පොල දාච්චිහල්මිල්ලෑව මාර්ගය (B133) කාපට් අතුරා සංවර්ධනය කිරීමට නියමිතය.

මිලියන හයදහස් හත්සීය හතළිස් පහක (6745) මුළු වියදම යටතේ කිලෝමීටර් අසූවක දුරක් සංවර්ධන කෙරේ.

පසුගිය යහපාලන රජය මෙම මාර්ග සඳහා කැබිනට් අනුමැතියකින් තොරව සංවර්ධන කටයුතු ආරම්භ කරන මුවාවෙන් මුල් ගල් තබා ඇතත් සංවර්ධන කටයුතු සිදුවී නොමැත.

මෙම අවස්ථාවට  ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන , රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ ,හිටපු උතුරුමැද ප්‍රධාන අමාත්‍ය එස්.එම් රංජිත්  ඇතුළු ප්‍රාදේශීය දේශපාලන නියෝජිතයෝ, මාර්ග සංවර්ධන අධිකාරියේ උතුරු මැද පළාත් අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීහු  සහභාගී වූහ.

WhatsApp Image 2021 03 04 at 17.47.06

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න