ලංකා සී නිව්ස් බැසිල් මිලට ගනියි ?

ලංකා සී නිව්ස් බැසිල් මිලට ගනියි ?

ජාතික වාදයට වැඩි නැඹුරුවක් සහිතව දැඩි ආණ්ඩු හිතවාදී ප්‍රතිපත්තියක සිට  ප්‍රවෘත්ති වාර්තා කළ  ප්‍රමුඛ පෙළේ සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන ලංකා සී නිව්ස් (lankacnews) වෙබ් අඩවිය පොදුජන පෙරමුණ පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගෙන ඇති බව වාර්තා වෙයි.

විශ්වාස දායක ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙතෙක් සී නිව්ස් වෙබ් අඩවිය ක්‍රියාත්මක වූයේ අමාත්‍ය විමල් වීරවංශ ගේ උපදේශයෙන් බවය. 

ඒ බව සිදුකරන විමසීම් අවස්ථාවේ එහි හිමිකරු ලෙස පෙනී සිටින හරිත් නැමැත්තා පොදුජන පෙරමුණේ පාර්ශව වෙත පපවා සඳහන් කර ඇති බවත් වාර්තා වෙයි.

මගදි ලයින් එක වෙනස් වෙලා !

කෙසේ වුවත් ආණ්ඩුව නියෝජනය කරන පාර්ශවද සඳහන් කරන්නේ මේ වන විට බැසිල් රාජපක්ෂ විසින් අදාළ වෙබ් අඩවිය ගෙන ඇති බවට දැනගන්නට ලැබි ඇති බවය.  

අදාළ වෙබ් අඩවිය ආරම්භ කළ සසමයේ විමල් වීරවංශ පාර්ශ්වය සම්බන්ධව ලැදියාවක් පෙන්වූ නමුත් මෑතක සිට එය වෙනස් වූ බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ද  පවසයි.

මීට පෙර ලංකා ඊ නිව්ස් (lankaenews ) වෙබ් අඩවිය ද  විශේෂ අනාවරණයක් සිදුකරමින් සී නිව්ස් වෙබ් අඩවිය බැසිල් රාජපක්ෂ විසින් මිලදී ගැනීමක් සම්බන්ධව වාර්තා කර තිබිණ.

ගෝඨාභය ආයෙත් ඉල්ලන්නේ නෑ : බැසිල්ට වාසි පුවතක් !

තවද ගෝඨාභය රාජපක්ෂ යළිත් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් නොවන බවත් සඳහන් පුවතක් 04  වනදා ප්‍රචාරය කිරීමට ද  අදාළ වෙබ් අඩවිය වාර්තා කර තිබිණ.

එකී පුවතට අනූව වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ඊළඟ ජනාධිපතිවරණය සඳහා සුලු ජාතික  ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා පවසා ඇත.

සාමාන්‍යයෙන් එවැනි පුවතක් ආණ්ඩු හිතවාදි මාධ්‍ය ඇසුරෙන් නිර්මාණයවීම ජනාධිපතිගේ දේශපාලන පෞරුෂය වෙත දැඩි ලෙස හානි කරන්නක් බවත් එහෙත් ඒ නොතකා පක්ෂ නායක හමුවක ප්‍රකාශ කර ඇත්තක් ලෙස වාර්තා කර ඇත්තේ බැසිල් රාජපක්ෂ ගේ ඊළඟ දේශපාලන බල උපක්‍රමය ගැන පමණක් සිතා බවත් පැහැදිලිව පෙන්නුම් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න