ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල ජයසේකර අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ මාධ්‍යවේදියෙකු හා හිටපු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බන්දුල ජයසේකර මහතා අද(05) අභාවප්‍රාප්ත විය.

 මිය යනවිට ඒ මහතාගේ වයස අවුරුදු 60 කි.

ඩේලි නිව්ස් පුවත්පතේ ප්‍රධාන කතෘවරයා ලෙස ඔහු කලක් කටයුතු කළ අතර, බන්දුල ජයසේකර මහතා සිරස නිවුස් ෆස්ට් හි උපදේශකවරයෙකු ලෙස සේවය කරමින් සිටියේය.

කැනඩාවේ ටොරොන්ටෝහි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් ද කටයුතු කළ හෙතෙම ඕස්ට්‍රේලියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදය යන රටවල තානාපති සේවයේ ද කටයුතු කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් නුවර ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිතයකු ලෙස ද බන්දුල ජයසේකර මහතා කලක් සේවය කළේය.

මහින්ද රාජපක්ෂ  ජනාධිපතිධූරය හෙබවූ 2011 වර්ෂයේ සිට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද කටයුතු කළ ඔහු විදේශ කටයුතු අමාත්‍යාංශයේ සංවර්ධන හා සන්නිවේදන අංශයේ අධ්‍යක්ෂවරයා වශයෙන් ද කළක් කටයුතු කළේය.

මියයන විට ඔහු කරාපිටිය රෝහලේ සහන සත්කාරක මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලබමින් සිටියේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න