නීතිඥ සංගමයේ සභාපතිවරුන් : පළිගැනීමේ කොමිසමේ වාර්තාව ඉල්ලයි !

නීතිඥ සංගමයේ සභාපතිවරුන් : පළිගැනීමේ කොමිසමේ වාර්තාව ඉල්ලයි !

දැනට ජීවතුන් අතර සිටින එක් අයෙක් හැරෙන්නට  නීතීඥ සංගමයේ හිටපු සභාපතිවරුන් සියලුම දෙනා  නීතීඥ සංගමයේ ලේකම්වරයා වෙත ඒකාබද්ධ  අත්සන් යෙදූ ලිපියක් යොමුකරමින්  දේශපාලන පළිගැනීමේ කොමිසමේ වාර්තාවක් ජනාධිපති ලේකම්වරයා වෙතින්  ලබා ගැනීමට පියවර ගන්නා ලෙස ඉල්ලා තිබේ.

අදාළ ලිපිය පසුගිය 02 වනදා යොමුකර ඇත.

දැනට සිටින ජ්‍යේෂ්ඨතම නීතීඥවරුන් දෙදෙනා වන කේ. කනග්ඊස්වරන් සහ ඉක්රම් මොහොමඩ් ඇතුළුව ෆයිසර් මුස්තාපා, උපාලි ගුණරත්න, ජෙෆ්රි අලගරත්නම්, රොමේෂ් ද සිල්වා, විජේදාස රාජපක්ෂ, යූ.ආර්. ද සිල්වා, නිහාල් ජයමාන්න, උපුල් ජයසූරිය සහ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වත්මන් සභාපති සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරුන් විසින් අත්සන් තබා ඇත.

කෙසේ වෙතත් ජනාධිපති නීතිඥ ඩබ්. දයාරත්න මෙම ලිපියට අත්සන් තබා නැති අතර  ඒ ඔහු රජයේ තනතුරක් දරන නිසා බව නීති ක්ෂේත්‍රයේ ආරංචිමාර්ග පවසයි.

එම ලිපියේ මෙසේ  සඳහන් වෙයි.

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කරන ලද කොමිසමේ වාර්තාවෙන් උපුටා ගත් කොටස් මේ දිනවල විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යන්හි පළවෙමින් තිබේ.

මෙම ප්‍රවෘත්තීන් අනුව වාර්තාවේ අඩංගුව රටේ නීතියේ පාලනය අවතක්සේරු කරන්නාවූත් අධිකරණයේ ස්වාධීනත්වයට හානිකරන්නා වූත් නීතිපති දෙපාර්තමේන්තුවේ අපක්ෂපාතී හා කාර්යක්ෂම ක්‍රියාවලිය ඛාදනය කරන්නාවූත් එකක් බවට අප හට බරපතල කණස්සල්ලක් ඇත.

මේ තත්වය තුළ අප ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කොමිසමේ සමස්ත ක්‍රියාවලියටම අදාල සහතික කළ පිටපතක් ජනාධිපතිවරයාගේ ලේකම්ගෙන් ලබාගෙන අපහටත්, මේ පිළිබඳ උනන්දු වන නීතිඥ සංගමයේ සෙසු සාමාජිකයින්ටත් ලබාදීමට පියවර ගන්නා ලෙසයි.

අදාළ ලිපිය පහත දැක්වෙයි.

 cxzxcvb

Commision lanka

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න