පරිසර හානි මඬින්න යුද්ධ හමුදාවෙන් මෙහෙයුම්

පරිසර හානි මඬින්න යුද්ධ හමුදාවෙන් මෙහෙයුම්

පරිසරයට හානි සිදුකරන සියලුම ආකාරයේ නීතිවිරෝධී කටයුතු මැඬපැවැත්වීමටත් ඒවාට සම්බන්ධවන පිරිස් අත්අඩංගුවට ගැනීම වෙනුවෙනුත් යුද්ධ හමුදා භ‌ට පිරිස් දිවයින පුරා මෙහෙයුම්වල යෙදවීමට කටයුතු කර ඇත. මේ වන විට යුද්ධ හමුදා භට පිරිස් විසින් සිදුකරන දෛනික රාජකාරිවලට අමතරව මේ පිළිබඳ සුවිශේෂී අවධානයක් යොමුකරන ලෙස යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සියලුම ආරක්ෂක සේනා ආඥාපතිවරුන් උපදෙස් ලබා දී ඇත.

ඒ අනුව පසුගිය දින කීහිපය තුළ යුද්ධ හමුදා භට පිරිස් සිදුකළ මෙහෙයුම්වලින් පරිසරයට හානි සිදුකරමින් නීති විරෝධී කටයුතුවල නිරත විශාල පිරිසක් අත්අඩංගුවට ගෙන ඉදිරි නීතිමය කටයුතු සඳහා පොලීසියට භාර දී ඇත.

ගතවූ පැය විසිහතර තුළ යුද්ධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුම්වලදී අනවරසර වැලිගොඩදැමීම් සිද්ධිවලට සම්බන්ධ පුද්ගලයින් එකොළොස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පූනානි ප්‍රදේශයේදී යුද්ධ හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී අනවසර වැලිගොඩදැමීමේ නිරතව සිටි පුද්ගලයින් හත්දෙනෙකු සහ ට්‍රැක්ටර් දෙකක් අත් අඩංගුවට ගෙන නීතිමය කටයුතු සඳහා වාලච්චේන පොලීසියට භාර දී ඇත. ඊට අමතරව යුද්ධ හමුදාභට පිරි අම්බපෙරුමකුලම් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී තවත් පුද්ලගයින් තිදෙනෙකුත් තවත් ට්‍රැක්ටර් දෙකකුත් අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරුවන් සහ ට්‍රැක්ටර් දෙක ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා ඉරණමඩු පොලීසියට භාර දී ඇත. යුද්ධ හමුදා භට පිරිස් විසින් ඔඩ්ඩුසුඩාන්, වාසතිපුරම් ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුමකදී අනවසර වැලි ජාවාරමේ නිරතවූ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඔඩ්ඩුසුඩාන් පොලීසියට භාර දී ඇත.

{gallery}weligoda{/gallery}

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න