සැමට විදුලිය වැඩපිළිවෙළට සමෘද්ධි සහය

සැමට විදුලිය වැඩපිළිවෙළට සමෘද්ධි සහය

දිවයිනේ සෑම නිවසකට ම විදුලිය ලබා දීමේ අරමුණෙන් රජය මගින් ක්‍රියාත්මක “සැමට විදුලිය” වැඩපිළි‍වෙළ සාර්ථක කර ගැනීම සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මැදිහත් වෙයි.

ඒ අනුව දැනට විදුලිය පහසුකම් නොමැති අඩු ආදායම්ලාභීන්ගේ නිවාසවල අභ්‍යන්තර පරිපථ සකස් කර ගැනීම සඳහා එම දෙපාර්තමේන්තුව මගින් සහන ණය ලබා දෙයි.

“සැමට විදුලිය” වැඩපිළි‍වෙළ යටතේ මෙම වසර අවසන් වන විට විදුලිය නොමැති සියලු නිවාස වෙත විදුලිය ලබා දීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව නිවාස වෙත විදුලි රැහැන් ඇදීම හෝ වෙනත් ප්‍රභවයන් ඔස්සේ එම නිවාස වෙත විදුලිය ලබා දීමට නියමිතය.

එහෙත් අභ්‍යන්තර විදුලි පරිපථ සකස් කර ගැනීමේ ගැටලුවට මුහුණ දී ඇති අඩු ආදායම්ලාභී ජනතාව විශාල පිරිසක් සිටින බවත්, ඔවුන් වෙනුවෙන් මෙම තීරණය ගත් බවත් සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පැවසීය.

ඒ අනුව විදුලිය නොමැති අඩු ආදායම්ලාභී නිවාස හිමිකරුවන් වෙත 4%ක පොලී අනුපාතයක් යටතේ රුපියල් 20,000/= ක උපරිමයකට යටත්ව එම ණය මුදල නිකුත් කරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න