දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවෙත් කුට්ටි පිටින් ගලවලා !

දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවෙත් කුට්ටි පිටින් ගලවලා !

දේශපාලන පළිගැනීම් සම්බන්ධව පරීක්ෂා කොට තොරතුරු ලබා ගැනීම සඳහා වූ ජනපති කොමිෂන් අවසන් වාර්තාවේ වෙළුම් කීපයක් සභාවට ඉදිරිපත් කරන බව සභානායක දිනේෂ් ගුණවර්ධන අද (9) පාර්ලිමේන්තුවට දැනුම්දුන් අතර ඊට විපක්ෂයේ විරෝධය එල්ල විය.

අදාළ වාර්තාව සභාගත කරන බව දන්වමින් සභානායක කියා සිටියේ  එය සිංහල භාෂාවෙන් පමණක් ඉදිරිපත් කරන බවය.එහිදී විපක්ෂය වෙනුවෙන් නැගී සිටි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල  දේශපාලන පළිගැනීම්  සදහා වූ කොමිසමේ පමණක් නොව පාස්කු ප්‍රහාරය සඳහා වූ කොමිසමේද සාක්ෂි සටහන් තමන්ට අවශ්‍ය බව සභාවට දැනුම් දෙන ලදී.ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී නීති කටයුතු රැසක් කිරීමට සමගි ජන බලවේගය සුදානමින් සිටින බවද පෙන්වා දුන් කිරිඇල්ල මන්ත්‍රීවරයා  ඊට සාක්ෂි සටහන් අත්‍යවශ්‍ය බවද අවධාරණය කරන ලදී. 

පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ වෙළුම් 87න්  නීතිපති වෙත ලබාදී ඇත්තේ වෙළුම් 65ක් පමණි.

වෙළුම් 22ක් ජාතික ආරක්ෂාව වෙනුවෙන් කියා නීතිපතිටවත් ලබාදී නැත. මේ සම්බන්ධව  නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පවසන්නේ සම්පුර්ණ වාර්තාව නීතිපති වෙත යොමුනොකිරීම හමුවේ නෛතික ක්‍රියාමාර්ග ශක්තිමත් ලෙස ගැනීම දුෂ්කර වනු ඇති බවය. 

දේශපාලන පළිගැනීම් සම්බන්ධ කොමිෂන් වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තුවට ලබානොදීම ගැටළු සහගත බවත් , පාස්කු වාර්තාවේ ආරක්ෂාව ගැන කියා වෙළුම් අඩුකළ නමුත් මහින්ද රාජපක්ෂ රෙජීම පාලන සමයේ විවිධ අපරාධ සම්බන්ධ පාර්ශව වෙත සහන ගෙනා පළිගැනීමේ කොමිසමේකරුණු  අඩුවෙන් පාර්ලිමේන්තුව වෙත යොමුකිරීම අර්ථ විරහිත බව විචාරක මතය වී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න