කහ ප්‍රශ්නයට බන්දුලට මළ පනී : මාධ්‍යවේදියාට කුණු බැනුම් ! (වීඩියෝ )

කහ ප්‍රශ්නයට බන්දුලට මළ පනී : මාධ්‍යවේදියාට කුණු බැනුම් ! (වීඩියෝ )

කහ මිල ඉහළ යෑම සම්බන්ධයෙන් බන්දුල ගුණවර්ධන වෙළඳ ඇමතිවරයාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කරනු ලැබූ අවස්ථාවේදී එම මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයට ප්‍රතිචාර දක්වමින් ” උඹට දරාගන්න බැරි වුනාට ජාවාරම්කාරයින්ට දරාගන්න බැරි වුණාට ජනතාවට දරාගන්න පුළුවන්” යනුවෙන් පවසා තිබේ.

මාධ්‍යවේදිය එහිදී විමසා සිටින්නේ මාස 6ක් 7ක් තිස්සේ ජනතාව බඩු මිල වැඩි වීම දරාගෙන සිටින බවයි.

වෙළඳපොලේ කහ හිඟයක් පවතින බවත් සතොස වැනි ආයතන තුළ එවැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පහසු මිලට නොමැති බවත්ය.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇමතිවරයා පවසන්නේ “උඹට දරාගෙන ඉන්න බැරි වුණාට, ජාවාරම්කාරයින්ට දරාගෙන ඉන්න බැරි වුණාට මිනිස්සුන්ට දරාගෙන ඉන්න පුළුවන්. කොන්ත්‍රාත් කරන්න එපා සහෝදරයා.

ඉස්සෙල්ලා ඇත්ත දේ කරන්න. කොන්ත්‍රාත් කරන්න ඔන නම් වෙන කාත් එක්ක හරි කරන්න.” යනුවෙනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න