නකල්ස් රක්ෂිතටත් සෞභාග්‍ය ළඟාවෙයි : එනසාල් වවන්න අවසරයි !

නකල්ස් රක්ෂිතටත් සෞභාග්‍ය ළඟාවෙයි : එනසාල් වවන්න අවසරයි !

මීමුරේ ගම්වාසීන්ට නකල්ස් රක්ෂිතය ආශ්‍රිතව ඇති වන රක්ෂිතවල එනසාල් වගා කිරීමට ඉඩ ලබාදීමට තීරණය කර ඇති බව ආණ්ඩු හිතවාදී c නිව්ස් වෙබ් අඩවිය වාර්තා කරයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර උපුටා දක්වමින් එම පුවතේ දැක්වෙන්නේ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ තෝරාගත් ස්ථානවල එනසාල් වගා කිරීමට අවසර ලබා දෙන බවයි.

එසේම එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව මීමුරේ සිදුකරන ලද සංචාරයකින් පසු ඇමැතිවරයා මෙම අදහස් පළ කරනු ලැබීය.

මීමුරේ ගම්වැසියන්ට නකල්ස් රක්ෂිතයට අයත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ යටතේ පාලනය යටතේ රක්‍ෂිතවලට ඇතුළු වී එනසාල් වැවීමටත් වනාන්තරයට හානි නොවන ලෙස එනසාල් වගාව සිදු කිරීමටත් එකඟත්වයකට පැමිණි බවද ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මීමුරේ ජනතාවට හැර වෙනත් ප්‍රදේශවල ජනතාවට එනසාල් වගාවන් සඳහා රක්ෂිතවලට ඇතුළු වීමට අවසර ලබා නොදෙන බවද ඒ මහතා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න