ජනාධිපති මොන්ටිසෝරි යන්න : රාසමානික්කම්ගෙන් යෝජනාවක් ! (වීඩියෝ)

ජනාධිපති මොන්ටිසෝරි යන්න : රාසමානික්කම්ගෙන් යෝජනාවක් ! (වීඩියෝ)

ජනාධිපතිවරයා PHD ගැන කතා කිරීමට පළමුව මානව හිමිකම් සම්බන්ධව මොන්ටිසෝරි යායුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍ය රාසමානික්කම් පවසයි.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තුවේ අදහස් දක්වමිනි.

එහිදී ඔහු අවධාරණය කර සිටියේ රාජ්‍ය නායකයා ලෙස ප්‍රකාශ නිකුත් කිරීමේදී වඩාත් වගකීම් සහගත වියයුතු බවත් එසේ නොමැති වුවහොත් එය රටේ ප්‍රතිරූපයට හානිකර බවයි.

"මේ රටේ අතුරුදහන්වූවන් නෑ කියලා දැන් කියනවා අතුරුදහන්වූවන්ගේ පවුල් වල අය ජනාධිපති හම්බෙනවා කියලා" ඔහු පැවසීය.

එසේම ජිනීවා මානව හිමිකම් කොමිසම යනු ලංකාවට විරුද්ධ කොමිසමක් ලෙස මෙරට මතයක් හදා ඇති නමුත් එය එසේ නොවන බවත් මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළේය. තවද මානව හිමිකම් සම්බන්ධව ජිනීවා යාම මෙරටට පෙන්වාදී ඇත්තේ වත්මන් අගමැතිවරයා බවත් ඔහු පැවසීය.

මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දැක්වූ අදහස් පහත වීඩියෝවේ.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න