එන්නත් ප්‍රමාද වෙයි : ලැබුණු ප්‍රමාණය ගැන සතුටු වෙන්න !

එන්නත් ප්‍රමාද වෙයි : ලැබුණු ප්‍රමාණය ගැන සතුටු වෙන්න !

ඉන්දියාවේ සීරම් සමාගමෙන්  ඇණවුම් කරන ලද ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මිලියනය මෙරටට ගෙන්වීමේ දී ප්‍රමාදයක් සිදුවන බව ආණ්ඩුව පිළිගෙන ඇත.

ඒ අද (09) පැවති කැබිනට් තීන්දු දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය.
 
එහිදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ පවසා සිටියේ සීරම් සමාගමෙන් ඇණවුම් කල එන්නත් ලැබීමේ සුළු ප්‍රමාදයක් සිදුවිය හැකි බවයි.

එහිදී අදාළ සමාගමේ ගොඩනැගිල්ලක ඇති වු ගින්න හේතුවෙන් එන්නත් තොගය මෙරටට ගෙන්වීමට මෙලෙස ප්‍රමාද විය හැකි බවත් ඔහු පැවසීය.
 
තවද " ශ්‍රී ලංකාවට දැනට ලැබී තිබෙන එන්නත් ප්‍රමාණය ගැන අප සතුටට පත්විය යුතුයි. දැනටමත් එන්නත එක මාත්‍රාවක් හෝ ලැබුණේ නැති රටවල් 110කට වැඩි ප්‍රමාණයක් ලෝකයේ තියෙනවා. යයිද අමාත්‍යවරයා සඳහන් කළේය.   

මේ  පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“අපිට එන්නත් මිලියන 1.26ක ප්‍රමාණයක් දැනට ලැබිලා තියෙනවා. ඉදිරියේ දී මිලදී ගැනීමට බලාපොරොත්තු වන එන්නත් මිලියනයක ප්‍රමාණයක් ලැබීමට යෝජිතව තිබෙනවා. ඔබ දන්නා විදියට සීරම් නැමති නිෂ්පාදන ආයතනයේ ඇති වු ගින්න නිසා සුළු ප්‍රමාදයක් සිදුවීමට අවකාශයක් තියෙනවා. නමුත් ඔවුන් අප විසින් කරන ලද ඇණවුමට ගරු කරන බවත් ඉදිරියේ දී හැකිතාක් ඉක්මනට එම එන්නත ලබා දීමට කටයුතු කරන බවත් ප්‍රකාශ කරලා තියෙනවා.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න