සීනි බදු වංචාවේ පාඩුව රුපියල් බිලියන 15.9යි : මුදල් අමාත්‍යංශය පිළිගනියි !

සීනි බදු වංචාවේ පාඩුව රුපියල් බිලියන 15.9යි : මුදල් අමාත්‍යංශය පිළිගනියි !

ගැසට් නිවේදන කිහිපයක් හරහා  සීනි ආනයනයේදී පනවා තිබූ බදු මුදල රුපියල් 50 සිට ශත 25 දක්වා, රුපියල් 49.75 කින්  අඩු කිරීමේ තීන්දුව නිසා පසුගිය කාල සීමාව තුළදී රජයට අහිමි වී ඇති මුදල රුපියල් බිලියන 15.9ක් බව මුදල් අමාත්‍යංශය පිළිගෙන ඇත.

මේ බව අනාවරණය වුයේ  මුදල් අමාත්‍යංශය අද (09) පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවට ඉදිරිපත් කරනු ලැබූ වාර්තාවක් මගින්ය.

අහිමි වූ මුළු මුදල් ප්‍රමාණය හෝ කොටසක් සීනි ගෙන්වූ සීමිත සමාගම් 07 පිරිසකට ලැබී ඇතැයි ද අදාළ වාර්තාවේ සඳහන්ව ඇති බවත් වාර්තා වෙයි.

2020 ඔක්තෝබර් 14 සිට 2021 පෙබරවාරි 20 දක්වා කාලය තුළ එක් ආයතනයක් මෙරට සීනි ආනයනයෙන් 39.02 % ක් සිදු කර තිබෙන බවත් තවත් ආයතන 06ක් මෙරට සීනි ආනයනයෙන් 46%ක් සිදු කර තිබෙන බව එම වාර්තාවේ දැක්වේ.

එසේම මෙරට සීනි ආනයනයෙන් 85%ක් සිදු කර තිබෙන්නේ ආයතන 07ක් විසින් බවත් එහි සඳහන්ව ඇත.පසුගිය යහපාලන සමයේ ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් රජයට අහිමිවූ මුදල ලෙස වෝහාරික විගණන පරීක්ෂණයෙන් අනාවරණය වූයේ රුපියල් බිලියන 11 කට ආසන්න මුදලකි.

එහෙත් එය මහ බැංකුවේ රඳවාගෙන තිබු පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බිලියන 11 කට අධික මුදලින් යළි අයකර ගන්නට හැකිවිය.

නමුත් මේ සීනි බදු වංචාව නිසා රජයට අහිමිව ඇති බදු මුදල රුපියල් බිලියන 15.9 ක් නම් රාජ්‍ය භාණ්ඩාගාරය සුද්ද කිරීමේ කිරුළ හිමිවිය යුත්තේ වත්මන් ආණ්ඩුවට බව පැවසීම අවිවාදිතය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න