ඩුබායි හා අබුඩාබිහි අවතැන්ව සිටි ලාංකිකයන් ඇමති නාමල්ගේ මැදිහත්වීමෙන් දිවයිනට

ඩුබායි හා අබුඩාබිහි අවතැන්ව සිටි ලාංකිකයන් ඇමති නාමල්ගේ මැදිහත්වීමෙන් දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ සංචාරයක නිරත තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ  සිය සංචාරය අතරතුර එහි රැකියාවලට ගොස් විවිධ හේතූන් මත අවතැන්ව තානාපති කාර්යාලය අසල උද්‍යානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිස හමුවී ඔවුන්ගේ තොරතුරු විමසා බැලීය.

එහිදී කොරෝනා උවදුර හේතුවෙන් රැකියා අහිමි වූ සහ නොයෙක් අසනීප තත්ත්වයන්ගෙන් පෙලෙන මෙන්ම නොයෙක් හේතූන් නිසා දීර්ඝ කාලයක් තිස්සේ යලි මව්බිමට යාමට නොහැකිව විවිධ ගැටලුවට මුහුණ දී මෙම උද්‍යානයේ රැඳී සිටින තානාපති කාර්යාලයේ ලියාපදිංචි සියලුම ශ්‍රී ලාංකිකයන්, යලි මව්බිමට ගෙන්වා ගැනීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂගේ මෙම ඩුබායි සංචාරය අතරතුර දී කටයුතු සම්පාදනය විය.

එමෙන්ම අබුඩාබි තනාපති කාර්යාලයේ ද ලියාපදිංචි අවතැන්ව සිටින තම මව්රට බලාපිටත්වීමට බලාපොරොත්තු වන ශ්‍රී ලාංකිකයන්ට ද ගුවන් ටිකට්පත් හා අවශ්‍ය පහසුකම් සපයා දෙන ලදි.

මෙහිදී එම අවතැන් වූ ශ්‍රී ලාංකිකයන් නැවත මව් රටට ගෙන්වා ගැනීම සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අතින් සිදු වූ අතර ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරුන්ගේ සහයෝගය ලැබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න