හිරුණිකාගේ වරෙන්තුව නැවත කැඳවයි : හිරු නාලිකාවේ බ්‍රේකින් නිව්ස් වාෂ්පයි !

හිරුණිකාගේ වරෙන්තුව නැවත කැඳවයි : හිරු නාලිකාවේ බ්‍රේකින් නිව්ස් වාෂ්පයි !

අධිකරණ කටයුත්තක් සදහා අද (10) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  පැමිණ නොසිටීම හේතුවෙන් අධිකරණය  ඇයට වරෙන්තු නිකුත් කෙරුණත් ඒ අවස්ථාවේ හිටපු මන්ත්‍රීවරිය  අධිකරණ භූමියේ සිය රථය තුළ දරුවාට කිරි දෙමින් සිට ඇති බව වාර්තාවීමත් සමඟ අදාළ වරෙන්තුව නැවත කැඳවීමට අධිකරණය කටයුතු කර ඇත.

ඒ සම්බන්ධව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හිටපු මන්ත්‍රීවරිය සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇති අතර එහිදී අධිකරණ අමාත්‍ය අලි සබ්‍රිගේ අවධානයට යොමුකර ඇත්තේ "අධිකරණ භූමිය තුල මවකට තම දරුවා තබා ගැනීමට, දරුවාට කිරිදීමට හා දරුවාගේ කටයුතු කිරීම සඳහා සුදුසු ස්ථානයක් නොමැති බැවින් එදිනෙදා කාන්තාවන් විශාල අපහසුතාවන්ට ලක්වෙනවා මා දැක ඇත. ගරු අධිකරණ අමාත්යතුමාගෙන් මා ඉල්ලා සිටින්නේ අධිකරණය තුල යම් ඕනෑම කටයුත්තක් සඳහා සහභාගි වන කුඩා දරුවන් රැගෙන යන මව්වරුන් වෙනුවෙන් යම් ස්ථානයක් වෙන් කර දීමට කටයුතු කරන ලෙසය. " යනුවෙනි.

හිටපු මන්ත්‍රීවරිය තැබූ සම්පූර්ණ ෆේස්බුක් සටහන පහත දැක්වෙයි.

hirunika

හිරු බ්‍රේකින් මිසිං !

කෙසේවුවත් හිරු මාධ්‍ය ජාලය අද හිටපු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වෙත අධිකරණය විසින් වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධ පුවත "බ්‍රේකින් නිව්ස් " ලෙස විකාශය කළ නමුත් වරෙන්තුව නැවත කැඳවීම පුවතක්  ලෙස හෝ වාර්තා කර තිබුණේ නැත.

හිරු මාධ්‍ය ජාලය සහ ප්‍රේමචන්ද්‍ර පවුල අතර ඇති එදිරිවාදිකම පැහැදිළි නමුත් එකී පෞද්ගලික එදිරිවාදිකම් පිරිමසා ගැනීමට මහජන දේපළක් වූ විද්‍යුත් සංඛ්‍යාත අවභාවිතා කරන ආකාරයට මෙය කදිම නිදසුනක් වෙයි.

hiru

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න