මහජන බැංකුවේ වසරක ලාභයට සමානයි සීනි බදු වංචාවේ පාඩුව : මහාචාර්ය අනාවරණයක් !

 මහජන බැංකුවේ වසරක ලාභයට සමානයි සීනි බදු වංචාවේ පාඩුව : මහාචාර්ය අනාවරණයක් !

ලංකාවේ විශාලතම බැංකුව වන මහජන බැංකුවේ වාර්ෂික ලාභයට සමාන මුදලක් සීනි බදු වංචාවෙන් අහිමිවී ඇති බව වයඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පවසයි.

“මම දැක්කා පුවත්පතක වාර්තා කරලා තිබෙනවා ලංකාවේ ලොකුම බැංකුව වන මහජන බැංකුවේ වාර්ෂික ලාභය රුපියල් බිලියන 16ක් කියලා. අපි හරිම සතුටු වෙනවා රජයේ බැංකුවක් ලාභ ලැබීම ගැන. නමුත් එදාම හවස නිවුස්වල යනවා සීනි බදු වංචාව රුපියල් බිලියන 15.9ක් කියලා. මහජන බැංකුවේ වසරක මුළු ලාභයට සමාන මුදලක් මිනිස්සු දෙන්නෙක් හොරකම් කරනවා. කෝ ඒවට නීති. නීතියක් නැතුව ඒ විදියට හොරකම් කරන්න ඉඩ දුන්නම අපි කොහොමද කළමනාකරණයක් ගැන කතා කරන්නේ.” යැයි මහාචාර්ය අමින්ද මෙත්සිල මහතා මාර්තු 11 දින සිරස මාවත වැඩසටහනට එක් වෙමින් පැවසීය.

“ආණ්ඩුවේ තිබෙන වැරදි ආර්ථික කළමනාකරණය නිසා වන්දි ගෙවන්නේ දුප්පත් අහිංසක ජනතාව. අපේ රටට කවදාවත් ප්‍රතිපත්තියක් තිබිල නැහැ. අද කතා කරනවා සෞභාග්‍යයේ දැක්ම ගැන. මීට කලින් තවත් විවිධ දැක්මවල් තිබුණා. මේ හැම එකක්ම පුද්ගල දර්ශන. අපිට, රටට ඕනෑ ආර්ථික දර්ශනයක්. අපි ගොඩක් වෙලාවට ණය අරන් තිබෙන්නේ දේශපාලන චරිත පුම්බන්න. මැතිවරණවලට අවශ්‍ය පදනම සකස් කරනවා හැර වෙන දෙයක් කරල නැහැ.” යැයිද මහාචාර්යවරයා වැඩිදුරටත් පැවසීය.

lanka truth

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න