අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට එන්නත් ලබා දීම අරඹයි

අවුරුදු 60 වැඩි වැඩිහිටියන් හට එන්නත් ලබා දීම අරඹයි

පසුගිය දා කොවැක්ස් වැඩපිළිවෙල යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000 ප්‍රමාණය වසය අවුරුදු 60 වැඩි වැඩිහිටියන්ට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

ඒ අනූව මෙහි පළමු එන්නත්කරණ වැඩසටහන අද (12) සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් රාජගිරිය වික්ටෝරියා වැඩිහිටි නිවාසයේදී සහ මාලබේ කොතලාවල පුර වැඩිහිටි නිවාසයේදි ආරම්භ කෙරිණි.

මෙහි පළමු එන්නත්කරණ වැඩසටහන යටතේ කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවල සහ කොළඹ මහ නගර සභා සීමාව තුළ වෙසෙන වැඩහිටියන් ඉලක්ක කර ගනිමින් ලබාදීමට සැළසුම් කර ඇති බව වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර  අවධාරණය කරයි.

එමෙන්ම මෙම වැඩපිලිවෙළට සමගාමීව කොළඹ, ගම්පහ දිස්ත්‍රික්ක තුළ තිබෙන වැඩිහිටි නිවාස වල සේවය කරන පාලිකාවන්ට සහ වැඩිහිටියන් බලා ගන්නා කාර්යමණ්ඩලවලට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මි සෝමතුංග , වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යෂ වෛද්‍ය සුදත් සමරවීර,UNISEF ආයතනය නියෝජනය කරමින් නියෝජිතයින් ඇතුළු සෞඛ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න