කොරෝනාවට මුවාවී Arpico සමාගම සේවකයෝ ගිලගනී...

කොරෝනාවට මුවාවී Arpico සමාගම සේවකයෝ ගිලගනී...

කොරෝනා වසංගතයට මුවා වෙමින් සියළු සේවක වරප්‍රසාද තවදුරටත් අත්හිටුවීමට Arpico සමාගම පියවර ගෙන ඇති බව එහි සේවකයෝ ප්‍රකාශ කරති.

සෑම වසරක් පුරා නොකඩවා සිදු කරනු ලැබූ වාර්ෂික පඩි වැඩිවීම (annual increment) මෙවර නවතා තිබේ.

කොරෝනා වසංගතයට පෙර වසරේ ලාභය පදනම් කරගනිමින් දෙනු ලබන වාර්ෂික ප්‍රසාද(bonus) දීමනාවද මෙවර අත්හිටුවා ඇත.

එහෙත් සේවකයින් පවසන්නේ තව තවත් නව සුපිරි වෙළද සැල් වැඩි වශයෙන් විවෘත කරමින් හා හිමිකරු සතු පෞද්ගලික ඉඩම් වල වෙළඳසැල් ඉදිකර ඒ සඳහා රටෙහි පවතින මිලට වඩා වැඩි මාසික කුලියක් අය කරමින් ලාභය අඩු කර පෙන්වන කුට සැලැස්මක් පවතින බවයි.

වසරේ දින 365ම විවෘතව පවතින නමුත් සේවකයින් සතු නිවාඩු දින හා වෙළඳ ,පෝය වැනි විශේෂ රජයේ නිවාඩු දින සදහා අතිකාල වශයෙන් ගෙවනු ලැබූ ද්ත්ව, ත්‍රිත්ව (double OT /triple OT)ගෙවීම් සියල්ල නවතා සාමාන්‍ය දීමනාව පමණක් ලබාදීමට කටයුතු කර තිබේ.

සේවකයින් හට අතිකාල කිරීමට ලබාදී තිබූ කාලය පවා මේ මොහොත වන විට සීමා කර ඇත.

සෑම මසකම ආයතනය විසින් ලබා දෙන විශාල ඉලක්කයන් (budget achievement)සපුරාලීම වෙනුවෙන් ලබාදෙනු ලැබූ දිරි දීමනාව(incentive) පාලනාධිකාරය විසින් තවමත් නොදී සිටිමින් කල්මරමින් පසුවෙන බව සේවකයෝ පවසති.

ඉතා සුළු මාසික වැටුපක් ලබන සේවක සේවිකාවන් වසර පුරා වැඩි වන භාණ්ඩ හා සේවාවන් ඉදිරියේ ජීවත් වීමට නොහැකි තත්වයට පත්ව තිබේ.

එම හේතුන් මුල් කරගනිමින් වසර 10 ,15, 20, 25 වැනි කාලයක් පුරා ආයතනය රැක ගනිමින් කටයුතු කළ සේවකයින් වෙනත් ආයතන කරා යොමු වීමට පටන් ගෙන තිබේ.

පසුගිය වසර පුරා ආයතනය හැරගිය පාරිභෝගිකයින් නැවත ගෙන්වා ගැනීමේ විශේෂ දිරි ගැන්වීම් (special discount)වැඩසටහන් මේ වන විට ක්‍රියාත්මක කළ ද දිනපතා ආයතනය හැර යන සේවකයින් පිළිබඳ කිසිදු තැකීමක් සිදු නොකරන බව සේවකයින් කියා සිටි.

ආයතනයේ ලාභය වැඩිකර පෙන්වීමේ අරමුණින් විධායක නිලධාරීන්ගේ අවශ්‍යතාවය මත සේවකයින් හට ලබාදුන් තේ පානයේ කිරිපිටි පවා ඉවත් කිරීම දක්වා ආයතනය පහත වැටී තිබේ.

දැනට සේවයේ යෙදී සිටින සේවකයින් පවා මානසිකව ඉතා පහළ මට්ටමකට වැටී ඇති හෙයින් කාලයක් පුරා ආයතනය තුළ පැවති ගුණාත්මක බව හා කාර්යක්ශම, සුහදශීලී බවද අඩුවී තිබේ. මේ හේතුව නිසා පැමිණෙන පාරිභෝගික පිරිස ක්‍රමක් ක්‍රමයෙන් අඩු වීමට පටන් ගෙන ඇති බව ද සේවකයෝ පෙන්වා දෙති.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න