එන්නත් ලබා පැමිණෙන රටවිරුවන් ගෙදරීම නිරෝධායනයට

එන්නත් ලබා පැමිණෙන රටවිරුවන් ගෙදරීම නිරෝධායනයට

කොවිඩ් -19 එන්නත් ලබාගෙන මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිවෙස් නිරෝධායනට යොමු කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇත.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයගේ තීරණය  15 වැනි දා ප්‍රකාශයට පත් කෙරෙනු ඇතැයි කෝවිඩි -19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

කොවිඩ්-19 මර්දන එන්නත ලබාගෙන පැමිණෙන පුද්ගලයින් පී.සී.ආර් පරික්ෂණයකට යොමු කිරීමෙන් පසුව නිදහස් කිරීම සඳහා තමා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කළ බව ද යුද හමුදාපති පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික කමිටුව හා සකච්ඡා කර ඒ සම්බන්ධයෙන් තිරණයක් ප්‍රකාශයට පත් කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් එහිදී තමාට දැනුම් දුන්නේ යැයි ද ඔහු ප්‍රකාශ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න