ලංකාවෙන් හමුවු දකුණු අප්‍රිකානු ප්‍රභේදයෙන් තවත් කොවිඩ් රැල්ලක අවදානමක් -ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

ලංකාවෙන් හමුවු දකුණු අප්‍රිකානු ප්‍රභේදයෙන් තවත් කොවිඩ් රැල්ලක අවදානමක් -ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය

දකුණු අප්‍රිකාවේ ව්‍යාප්ත වන කොවිඩ් - 19 වෛරස ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් නව කොවිඩ් රැල්ලක් රට තුළ ඇතිවීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි වෛද්‍ය පද්මා ගුණරත්න පැවසුවාය.

සභාපතිනිය පෙන්වා දෙන්නේ, මීට පෙර කොවිඩ් -19 වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට වුව ද දකුණු අප්‍රිකානු වෛරසය ආසාදනය විය හැකි බවය.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය පද්මා ගුණරත්න,

“අනිත් එක්කෙනෙකුට බෝවෙන වේගය වැඩි වුණොත් එහෙම අපිට සෑදෙන රෝගීන් ප්‍රමාණය වැඩිවෙලා ලංකාවේ අලුත් රැල්ලක් ඇතිවෙන ප්‍රවණතාවයක් ඇති වෙන්න පුළුවන් දකුණු අප්‍රිකානු ප්‍රභේදය ලංකාවට ආවොත්. එහෙම වැඩි වුණොත් අසාධ්‍ය වෙන ප්‍රවණතාවයත් වැඩිවෙනවා. ඒ වගේම දැඩි සත්කාර ඒකක අවශ්‍යතාවයත් වැඩිවෙනවා වගේ ම ජීවිතක්ෂයට පත්වන ප්‍රමාණයත් වැඩිවෙනවා. දැනට නම් ඇවිල්ලා තියෙන එක නිරෝධායන මධ්‍යස්ථානයක නිසා මේක රට තුළට ආවා කියන්න අපිට කොහෙත්ම හේතුවක් නෑ.“

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ, දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය මෙරට ව්‍යාප්ත වුවහොත් ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවය.

ඒ පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසා සිටියේ, “දකුණු අප්‍රිකානු ප්‍රභේදය සාමාන්‍ය කොවිඩ් -19 රෝගය නිසා ඇති වෙන අපේ ඇඟේ ප්‍රතිදේහවලින් මැඩපවත්වන්න පුළුවන්කමක් නෑ. ඒ නිසා දැනට කෝවිඩ් සෑදුන පුද්ගලයින්ට දකුණු අප්‍රිකානු ප්‍රභේදය නිසා යළි රෝගයට ගොඳුරුවීමේ හැකියාවක් තියෙනවා. “යනුවෙනි.

මේ අතර අදාළ වෛරස ප්‍රභේදය පාලනය කිරීම සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ප්‍රමාණවත් නොවන බව ද විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න  සඳහන් කළාය.

දෙරණ

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න