සිංහරාජය ගැන කතා කළ සිසුවියගෙන් පොලිසිය ප්‍රකාශයක් අරගෙන !

සිංහරාජය ගැන කතා කළ සිසුවියගෙන් පොලිසිය ප්‍රකාශයක් අරගෙන !

සිරස ලක්ෂපති වැඩසටහනේදී ලෝක උරුමයක් වූ  සිංහරාජ රක්ෂිතයේ  මායිමේ සිදුවන වන විනාශය පිළිබඳ අදහස් දැක්වූ සිසුවියගෙන් පොලීසිය ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, අජිත් රෝහණ පැවසුවේ රත්නපුර ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරිවරයා යටතේ මේ පිළිබඳ විමර්ශනයක් පැවැත්වෙන බවයි. 

මේ අතර වන විනාශයන් හා පරිසර හානි පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පළ වන තොරතුරු විමර්ශනය කිරීමට පියවර ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. 

ඔහු කියා සිටියේ එවැනි සිද්ධිවල නිරවද්‍යතාව තහවුරු කර, වන විනාශයන්ට වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නිත්‍යනුකූලව කටයුතු කිරීමට පියවර ගන්නා බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න