පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමඟ කොන්ද පණ ඇති නායකයෙකුගේ අවශ්‍යතාව ගැන අදහස් දැක්වූ අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් විසින් නැවතත් පිටකොන්දක් ඇති නායකයකුගේ අවශ්‍යතාව මතුකර ඇත.
ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දක්වමින් කාදිනක් පවසන්නේ පාස්කු ඉරිදා දින එල්ල වූ බෝම්බ ප්‍රහාරය ගැන සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව අසම්පූර්ණ වාර්තාවක් බවය.
එසේම එම කොමිසන් වාර්තාවෙන් යම් තොරතුරු ප‍්‍රමාණයක් හෙළිකරගෙන ඇතත් ප්‍රහාරය පසුපස සිටි අය ඊට මුදල් දුන් අය හෙළිකර ඇති බව පෙනෙන්නට නැති බවත් කාදිනල් පවසන අතර මෙරට සාමය ආරක්ෂා වීමට නම් යටිකූට්ටු දේශපාලන ව්‍යාපාර වලින් මිදිය යුතු බවද පවසයි.
පිට කොන්ද තියෙන, අවංක, නීතියට ගරු කරන, නීතිය ආරක්ෂා කරලා වැරදි කෙරුවොත් දඬුවම් දෙන්න ශක්තිය තියෙන නායකත්වයක් අවශ්‍ය යයිද කාදිනල් එහිදී අවධාරණය කර සිටියේය.

