"ගජමිතුරු කෝටිපතියෙකුගෙන් දේවි බාලිකා බිමට ලන්සුවක්" යන සිරස්තලයෙන් යුතුව newstube.lk වෙබ් අඩවියේ පළකළ පුවත සම්බන්ධව කරුනු පැහැදිලි කිරීමක් දෙරණ මාධ්‍යජාලයේ සභාපති දිලිත් ජයවීර විසින් සිදුකරන ලදී.
පිළිතුරුදීමේ අයිතිය පිළිගන්නා අප වෙබ් අඩවිය ඔහු විසින් පුවතට අදාලව සිදුකළ කරුනු දැක්වීම මෙසේ පළකරමු.
ජයවර්ධනපුර මහ විද්‍යාලය ජාතික පාසලක් කළා !
"ඔය පාසල කෝට්ටේ - බැද්දගාන අපේ ගෙවල් වලටත් කිට්ටුව තියෙන්නේ. අක්කර 5 ක වගේ ඉඩමක්. පාසලේ ගොඩනැගිලි 9ක් වගේ තියෙනවා. ළමයි 77ක් වගේ ඇත්තේ. ගුරුවරුන් 35ක් වගේ ඉන්නවා. ඔය පාසලේ සිදුවීම කතා කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධය හැදුනු හැටි කියන්නම්.
කෝට්ටේ තියෙනවානේ ජයවර්ධනපුර මහ විද්‍යාලය කියලා ගොඩක් පරණ පාසලක්. අවුරුදු 200ක් වගේ පරණ ඇති. කාන්තා පිරිමි කියලා වෙනවෙනම තිබුනේ. අක්කර 18ක් වගේ බිමක් ඒ පාසලට තියෙනවා. ළමයි 2300ක් වගේ ඉන්නවා. ඔය පාසලේ විදුහල්පති අනිල් වානගුරු කියලා.. අපෙන් ඉල්ලුවා පාසල වැඩිදියුනු කරන්න උදව් කරන්න කියලා. අපි පෞද්ගලික අංශයේ දන්න කියන අය සමග එකතු වෙලා ඒ පාසල සංවර්ධනය කළා. දැන් ඒක මිශ්‍ර ජාතික පාසලක්. අපේ මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු පිරිසක් පාසල විවෘත කරන්නත් ගියා.
අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වුණා !
ඔය වැඩේ දි තමයි අපි දැනගන්නේ මේ වගේ පාසල් රාශියක් කෝට්ටේ ප්‍රදේශයේ තියෙනවා කියලා. ඒ විදියට තමයි විජේරාම මහ විද්‍යාලය ගැනත් දැනගත්තෙ. එතනට ගිහිල්ලා බැලුවා. අධ්‍යාපන ඇමතිට කතා කරා. අපි එතනදි බැලුවෙ මෙහෙම අතෑරලා දාලා තියෙන්නේ.. වැඩක් ඇති විදියට කන්වර්ට් කරන්න බැරිද කියලා. එතනදි තමයි යෝජනා වුණේ දේවී බාලිකාවේ උසස් පෙළ ශාකාවක් විදියට විජේරාම විද්‍යාලය හදලා ගමු කියලා. මොකද හැම අවුරුද්දකම උසස් පෙළට දේවී බාලිකාවට යොමුවෙන ඉල්ලුම් පත්‍ර වලින් සුදුසුකම් ඇතුවත් 1800ක් විතර රිජෙක්ට් කරන්න වෙනවා ඉඩ පහසුකම් ප්‍රශ්නය නිසා. ඒ නිසා දේවි බාලිකාවේ ශාකාවක් මෙතන හදන එක තමයි සූදානම් කරේ.
ඒ ගැන සාකච්ජා කරනකොට මේ පාසල අයිති පළාත් සභාවට. පස්සේ අධ්‍යාපන අමාත්‍යංශය ආණ්ඩුකාරතුමාට කතා කරලා එතුමා හරහා මේ පාසල මධ්‍යම රජයට, ඒ කියන්නේ අධ්‍යාපන අමාත්‍යංශයට ගත්තා. ඒ ලියුම් පවා තියෙනවා.
ධම්මිකගේ මිලියන 100 පාසල හදන්න !
මේ වැඩේට සල්ලි ඕනිනේ. සල්ලි වලින් උදව් කරන්න කියලා ධම්මික පෙරේරට කතා කරලා ඉල්ලුවා. ඇත්තටම ධම්මික, මම, මධුර විතානගේ මන්ත්‍රීවරයා අපි මේ පාසල බලන්න ගියා. ඒ ගිහින් තමයි ධම්මික පෙරේරා මේ පාසල හදන්න රුපියල් මිලියන 100ක් දෙන්නම් කිව්වේ. මොකද දේවී එක වගේම පහසුකම් එතනත් හදන්න ඕන නිසා.
දැන් ඔය වැඩේට තමයි ගැහුවේ. ඔය පාසලේ විදුහල්පතිනිය සහ ඔය පළාත් අධ්‍යාපන ඉන්න නෝනිස් ද කවුද තමයි අපිට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් කරා කියන්නේ. අපි බලෙන් ඇතුල් වුනා කියලා.
සමහර විට විදුහල්පතිනිය දැන් ඔහේ කාර්‍යාලයට වෙලා හිටියට පාසල හැදුවාම , ළමයි 77 වෙනුවට දහස් ගාණක් ආවහම වැඩ කරන්න වෙනවනේ, එයා වැඩ කරන්න අකමැති නිසා ඔහොම කරාද දන්නෙ නෑ. ඕක තමයි කතාව. ඔය වැඩේ තියෙන වැරැද්ද මොකක්ද ? ඕකට තමයි ගැහුවේ.
සබැඳි පුවත :

