කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් සාප්පු සංකීර්ණය අශොක් පතිරගේ හට ලබාදීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් සාප්පු සංකීර්ණය රාජ්‍ය දේපළක් බවත් එය විකිණීමක් හෝ බදු දීමක් සිදුකරනවා නම් එය සිදුකල යුතුව තිබුණේ ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීමක් හරහා බවත් එවැන්නක් සිදුකළේද යන්න සම්බන්ධව නාගරික සංවර්ධන අධිකාරිය අයත් අමාත්‍යවරයා ලෙස නාලක ගොඩහේවා පාර්ලිමේන්තුවට කරුණු දැක්විය යුතු බවත් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේය.
එසේම සොෆ්ට්ලොජික් සමාගමේ ප්‍රධානියා වන අශෝක් පතිරගේ යනු මේ වන විටත් රාජ්‍ය සමාගමක සභාපතිවරයෙක් බවත් රාජ්‍ය දේපළ රකින බව කියමින් බලයට පැමිණි ආණ්ඩුව මේ වන විට සාප්පු සංකීර්ණ පවා බදු දෙන තැනට පත්ව ඇති බවත් එය ආණ්ඩුව බලයට පැමිණි ජනවරමට ගැලපෙන්නේ කෙසේද යන්න පැහැදිළි කළයුතු බවත් අනුර දිසානායක මන්ත්‍රීවරයා පැවසීය.
වසර 10ක් සඳහා අදාළ බදුදීම සිදුකර ඇති නමුත් එහි ගිවිසුම කවුරුත් දැක නොමැති බව පැවසු අනුර දිසානායක මන්ත්‍රීවරයා අශෝක් පතිරගේ සහ නාලක ගොඩහේවා සීතල කාමරයක තීන්දුව ගත්තාද යනුවෙන්ද ප්‍රශ්න කර සිටියේය.

