කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් : අශෝක්ට දුන්න හැටි ගොඩහේවා කියයි !

කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් : අශෝක්ට දුන්න හැටි ගොඩහේවා කියයි !
වත්මන් රජය බලයට පත්වීමට පෙර ජනතාවට ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රාජ්‍ය ආයතන කාර්යක්ෂම හා ලාභ ලබන ව්‍යවසායන් ලෙස පවත්වා ගෙන යාමට පොරොන්දුවී ඇති බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා පවසයි.
 
අද (25) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර ඒ කොළඹ ඉන්ඩිපෙන්ඩන්ස් ආකේඩ් සාප්පු සංකීර්ණය අශොක් පතිරගේ හට ලබාදීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සිදුකළ ප්‍රශ්න කිරීමට ප්‍රතිචාර දක්වමින්ය.
 
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.
 
ප්‍රසිද්ධ පුවත්පත් 3ක භාෂා තුනෙන්ම පුවත්පත් දැන්වීම් 2020.10.20 දින පළ කර තිබෙනවා. මේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජිකයින් ලෙස කටයුතු කර තිබෙන්නේ සභාපති ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන හා නිවාස අමාතයාංශයේ ලේකම්තුමා, ඉඩම් අමාත්‍යාංශයේ ලේකම්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමායි. ඊට අමතරව තාක්ෂණික කමිටුව වුණේ, සභාපති ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්තුමා, නාගරික සංවර්ධන අධිකාරියේ වත්කම් කළමනාකරණය කිරීඹ් සහ අයකිරීම් අධ්‍යක්ෂක, නාගරික සංවර්ධන අධිකාරියේ මුදල් අධ්‍යක්ෂක, මුදල් අමාත්‍යාංශයේ කොන්ට්‍රොල් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමා. නාගරික සංවර්ධන නිවාස අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂතුමා.“

“මේ ක්‍රියවලියේ දී රජයේ තක්සේරුකරුගෙන් මේ ගොඩනැගිල්ල සඳහා වාර්ෂික බදුකුලිය ලෙස රු. මිලියන 120 ක තක්සේරුවක් ලැබිලා තිබුණා. පුවත්පත් දැන්වීම්වල ප්‍රචාරය දක්වමින් ආයතන කිහිපයක්ම ටෙන්ඩර් ලිපිලේඛන මිල දී ගෙන තිබුණත්, මිල ගණන් ඉදිරිපත් කිරීම සඳහා ආයෝජකයින්ට ලබා දී තිබූ සති 4ක කාලය තුළ ලංසු තබා තිබුණේ ඔඩෙල් පීඑල්සී කියන ආයතනය සහ අබාන්ස් පීඑල්සී කියන ආයතන දෙක පමණයි. මේ ටෙන්ඩරය සඳහා අනුගමනය කර තිබුණේ තාක්ෂණික යෝජනා සහ මූල්‍ය යෝජනා වෙනවෙනම ඉදිරිපත් කරන Two Envelope ක්‍රමවේදයයි. තාක්ෂණික කමිටුව යෝජනා අධ්‍යයනය කොට ටෙන්ඩරය සඳහා සියලු නිර්ණායකයන් සම්පූර්ණ කරන ලද ඔඩෙල් පීඑල්සී ආයතනය තෝරා ගෙන තිබුණා ඊළඟ වටය සඳහා. මේ ආයතනය ප්‍රසම්පාදන කමිටුව විසින් ඒකමතිකව අනුමත කර තිබෙනවා.“

“ඔඩෙල් පීඑල්සී ආයතනය මසකට රු. මිලියන 10 ක්, එනම් වර්ෂයකට බදු කුලිය රු. මිලියන 120 ක් බදු රහිතව ගෙවීමට ගිවිසුම් ගත වී තිබෙනවා. වෙනත් වචනවලින් කියනවා නම් මසකට රු. කෝටියක ආදායමක් මේ බදු දීම හරහා නාගරික සංවර්ධන අධිකාරිය උපයනවා. ආයෝජක සමාගම පළමු වසර සඳහා සමස්ත බදු මුදල වන රු. කෝටි 12ක ගිවිසුම අත්සන් කරන වෙලාවේ ගෙවනවාය අමතරව තවත් කෝටි 24ක් ආරක්ෂක තැන්පතුවක් ලෙස ගෙවා තිබෙනවා. වර්ෂයකට බදු ලෙස ගෙවන රු. කෝටි 12ක මුදල වසර 5කට පසු රජයේ තක්සේරුකරුගේ තක්සේරු අනුව වැඩිකරන්නටත් මේ ආයතනය එකඟ වී තිබෙනවා.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න