ජනතාවගේ ගැටලුවලට විසඳුම සංවර්ධනය පමණයි - ජනපති

ජනතාවගේ ගැටලුවලට විසඳුම සංවර්ධනය පමණයි - ජනපති

දීර්ඝකාලීනව ජනතාව පීඩාවට පත් කරන ගැටළුවලට විසඳුම විධිමත් සංවර්ධනය පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  පවසයි.

ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති රාමුව සහ වැඩපිළිවෙළ රජය ඉදිරිපත් කර ඇති බවත්, ජනාධිපතිවරයා ලෙස ගමින් ගමට යන්නේ ද සැබෑ ජනතා ගැටළු හඳුනා ගනිමින් ඒවාට විසඳුම් දීමට බවත්,  ප්‍රතිපත්තියක් සහ වැඩපිළිවෙළක් නැති පිරිසක් අද ඊට ද පහර ගසමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

කුමන බාධක සහ විවේචන පැමිණිය ද ජනතාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොකරන බව අවධාරණය කළ ජනාධිපතිවරයා බොරු ප්‍රචාරවලින් ජනතාව මුලා කිරීමට ඉඩ දිය නොහැකි බව ද සඳහන් කරයි.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ඊයේ(24) පස්වරුවේ නාවල නාගරික තෙත් බිම් උද්‍යානයේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන නියෝජිත හමුව අමතමිනි.

වත්මන් රජය බලයට පැමිණ මාස 16ක් වැනි කෙටි කාලයකදී රට තුළ පැහැදිළි ප්‍රතිපත්තිමය වෙනසක් සිදු කර තිබේ. පසුගිය ජනාධිපතිවරණයේ දී රටේ ජනතාව තමාගෙන් ඉල්ලා සිටියේ එම වෙනස බව සඳහන් කළ ජනාධිපතිතුමා ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සංස්කෘතිය, අපේකම, දේශීයත්වය රැක ගැනීමට මෙන්ම රටේ ස්වාධීනත්වය වෙනුවෙන් ද රජය විශාල වැඩකොටසක් කළ බව පැවසීය.

ගස් කැපීමට හෝ පරිසරය විනාශ කිරීමට රජය කිසිවෙකුට අවසර දී නැත. විපක්ෂය රට තුළ විශාල වන විනාශයක් සිදුවන බවට බොරු ප්‍රචාර ගෙන යමින් සිටි. දිස්ත්‍රික් මට්ටමින් වන විනාශයක් සිදුවනවානම් ඒ පිළිබඳ සොයා බලා කඩිනමි පියවර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට තමා අද උපදෙස් දුන් බව ද ජනාධිපතිවරයා පැවසීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, අමාත්‍යවරුන්වන ජී.එල්. පිරිස්, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, කණක හේරත්, පියල් නිශාන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ලලිත් එල්ලාවල, සාගර කාරියවසම්, උදයන කිරිඳිගොඩ, ජයන්ත කැටගොඩ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න