සියළුම රජයේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

සියළුම රජයේ පාසල් ආරම්භ කිරීම සම්බන්ධව විශේෂ චක්‍රලේඛයක්

2021 වර්ෂය සඳහා බස්නාහිර පළාතේ සියලුම පාසල්වල පළමු ශ්‍රේණිය ඇතුළු මෙතෙක් ආරම්භ නොකළ අනෙකුත් ශ්‍රේණි මාර්තු 29 වැනි දින ආරම්භ කිරීමට අදාළ විශේෂ චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.

ඒ අනුව බස්නාහිර පළාතේ සියලුම පාසල් මාර්තු 29 වැනි දින ආරම්භ කෙරෙන අතර යම් ප්‍රදේශයක් හුදෙකලා කළහොත් අදාළ කාල සීමාව ඉකුත් වනතෙක් එම ප්‍රදේශයේ පාසල් පමණක් තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ යුතු බවත් එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් කෙරේ.

මේ අනුව සෞඛ්‍යාරක්ෂිත ස්ථානයක් ලෙස ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සඳහා පාසල් සූදානම් කිරීමට හෙට (26) සිට 28 දක්වා දින 03 ක කාලයක් වෙන් කර තිබේ.

නමුත් නැවත පාසල ආරම්භ කළ ද වහාම විභාග කටයුතු සහ තරඟ සඳහා දරුවන් යොමු කිරීමට යෝග්‍ය නොවන බවත් මෙහි වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

එමෙන්ම පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා වනසේ පන්ති පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද මාර්ගෝපදේශ සටහනක් ද මෙහි ඇතුළත් ය.

මේ අනුව ,

  •  සිසුන් 15 දක්වා සිටින පන්ති සතියේ සෑම දිනක ම පැවැත්විය යුතු ය.
  •  සිසුන් 16 – 30 දක්වා සිටින පන්ති කණ්ඩායම් 2 කට බෙදා සතියක් හැර සතියක් පන්ති පැවැත්විය යුතු ය.
  •  සිසුන් 30 ට වැඩියෙන් සිටින පන්ති කණ්ඩායම් 3 කට බෙදා සමාන දින සංඛ්‍යාවක් වනසේ පන්ති පැවැත්විය යුතු ය.

තවද , එම චක්‍රලේඛයට අනුව ශිෂ්‍ය ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය නැවත යථා පරිදි ආරම්භ වන බැවින් අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩලයේ සියලු දෙනා සාමාන්‍ය පරිදි සේවයට වාර්තා කළ යුතු ය.

ඒ අනුව සමස්ත දිවයිනේ ම පළමු වාරය සඳහා පාසල් අධ්‍යයන කටයුතු අවසන් කෙරෙනුයේ 2021/04/09 වන දින වන අතර දෙවන වාරය සඳහා නැවත ආරම්භ කිරීම 2021/04/19වන දින සිදු කෙරේ.​​​​​​​​​​​​ චක්‍රලේඛය මෙතනින් භාගත කරගන්න.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න