දේශීය පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් ඒකරාශීවීම අඩපණ කිරීමට විදේශීය සමාගම් සැරසේ !

දේශීය පොල් ආශ්‍රිත කර්මාන්තකරුවන් ඒකරාශීවීම අඩපණ කිරීමට විදේශීය සමාගම් සැරසේ !

පොල් ආශ්‍රිත දේශීය නිෂ්පාදකයින් හා අපනයනකරුවන්ගේ සංසදය පසුගියදා බිහිවීමේ පසුබිම තුළ කර්මාන්තයේ නියැලී සිටින දේශීය ව්‍යාපාරිකයන්ගේ උනන්දුව සහ අවධානය වැඩි වී ඇති අතර මේ සමග කර්මාන්තයෙන් දැනට නියැලී සිටින විදේශ සමාගම් දැඩි ලෙස කලබල වී ඇති බව වාර්තා වේ.

අද වන විට පොල් ආශ්‍රිත කර්මාන්ත යනු තනිකරම දේශීය අමුද්‍රව්‍ය වලින් ආරම්භ වී අපනයන වෙළදපොල ඉලක්ක කරගත් ලංකාවට විදේශ විනිමය ගෙන එන මහා ධන උල්පතකි. කලකට ඉහතදි දේශීය මැණික් කර්මාන්තයේ ප්‍රතිලාභ ලබා ගැනීමට මහා පරිමාණ තායි වෙළඳුන් රත්නපුරයට පැමිණියා සේ, පොල් ගස් ආශ්‍රිත මෙම ධන උල්පත දුටු විදේශික ව්‍යවසායකයින් පසුගිය දශක දෙක තුළ පොල් ත්‍රිකෝණයට අරක්ගෙන ඇති බව දේශීය ව්‍යවසායක අදහසය.

එසේම ඔවුන් පවසන පරිදි දේශීය ව්‍යාපාරිකයා කුඩුපට්ටම් කරමින් සිය මහා පරිමාණ කර්මාන්ත ශාලා ව්‍යාප්ත කරමින් ඇත. මෙයට එරෙහිව පසුගියදා ල් ආශ්‍රිත දේශීය ව්‍යාපාරිකයන් ගේ සංසදයක් කුරුණෑගල දී එළි දැක්වුණ අතර එය පෙරකී විදේශ හස්තයන් සලිත කරවීමට සමත් ව ඇත. මේ වන විට දේශීය කර්මාන්ත කරුවන්ගේ මෙම ව්‍යයායාමය කඩාකප්පල් කිරීමට සෑම පියවරක්ම ගැනීමට පෙරකී විදේශ කොම්පැනි සහ ඔවුන්ගේ ගැත්තන් කැස කවමින් සිටි.

මෙනිසා ශ්‍රී ලංකාව තුළ වැවෙන පොල් ගස අපගේ භූමිය, අපගේ තාක්ෂණය, අපගේ ප්‍රාග්ධනය, අප හට ඇති අසීමිත වෙළෙඳපොළ, දේශීය කර්මාන්තකරුවන්ට ආරක්ෂා කර ගැනීම සඳහා අවධානයෙන් සිටිය යුතු කාලය එළඹ ඇති ඔවුන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න