මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම : පොලිසියේ පිළිකුල් වැඩක් - FMM

මාධ්‍යවේදියා අත්අඩංගුවට ගැනීම : පොලිසියේ පිළිකුල් වැඩක් - FMM

නිදහස්  මාධ්‍යවේදියෙකු සහ ඡායාරූප ශිල්පියෙකු වන මලික අබේකෝන් අත්අඩංගුවට ගැනීම සහ පහර දීම පොලීසිය විසින් කරන ලද පිළිකුල් සහගත ක්‍රියාවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එය දැඩි සේ හෙළා දකී. "නිදහස් මාධ්‍යවේදී මලික අබේකෝන් වහාම නිදහස් කර ඔහුට පහරදීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි" යන ශීර්ෂයෙන් යුතුව නිවේදනයක් නිකුත් කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මේ බව සඳහන් කර සිටියි. අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.   අප්‍රේල් මස 07 වැනිදා කොළඹදී පැවති සෞඛ්‍ය සේවක විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී මරදාන පොලීසිය විසින් මලික අබේකෝන් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය වෙත රැගෙන ගිය ඔහුට අවස්ථා කිහිපයකදී අමානුෂික ලෙස පහර දී ඇත.

මලික අබේකෝන්ට පහරදීමක් සිදුව නොමැති බවට වන වෛද්‍ය වාර්තාවක් ද සමඟ අප්‍රේල් මස 08 වනදින ඔහුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති අතර වින්දිතයාගේ පාර්ශ්වයෙන් මතු කළ  විරෝධතා හමුවේ බන්ධනාගාර වෛද්‍ය නිලධාරිවරයා මගින් යළිත් වෛද්‍ය වාර්තාවක් කැදවීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා මලික අබේකෝන් මේ මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් හා අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, වගකිවයුතු නිලධාරීන්ට ඒරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයාට අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, මලික අබේකෝන් වහාම නිදහස් කරන ලෙසට බල කර සිටී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න