වියත්මග ඇමති ගොඩහේවා : කොරෝනා මඩින්න වොලිබෝල් තරගාවලි හඳුන්වා දෙයි !

වියත්මග ඇමති ගොඩහේවා : කොරෝනා මඩින්න වොලිබෝල් තරගාවලි හඳුන්වා දෙයි !

කොරෝනා යළිත් තෙවන රැල්ලක් මතුවීම , වෛරසය ව්‍යාප්තවීම තීව්‍රතාව වැඩිවීම, ආසාදිතයින් වැඩිවීම ඇතුළු කරුණු රැසක් හේතුවෙන් නිරෝධායන නීති රැකීමට කටයුතු කරන ලෙස රජය ජනතාව වෙතින් ඉල්ලා ඇති පසුබිමේ ආණ්ඩුව ඒ අනූව කටයුතු කරන්නේද යන ප්‍රශ්නය මතුව තිබේ.

මේ වන විට කොරෝනා මර්දන ජනාධිපති කාර්‍ය සාධක බලකාය විසින් මැයි දින සැමරුම් ද අත්හිටුවීමට නියෝග නිකුත්කර ඇති අතර පොදු උත්සව නවත්වන ලෙසත් විවාහ සහ අවමංගල්‍ය අවස්ථා සඳහා පිරිස් සහභාගීවය සීමා සහිත කිරීමටද කටයුතු කර ඇත.

නමුත් ඒ පසුබිමේ වත්මන් තරුණ සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ ගේ ගුණ ගයමින් 34 වන තරුණ සේවා රූපවාහිනි වොලිබෝල් තරගාවලිය ආරම්භ කිරීමට වියත්මග නියෝජනය කරමින් පාර්ලිමේන්තු පැමිණි රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා කටයුතු කර තිබේ.

ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී මේ තරගාවලියේ සමාරම්භක අවස්ථාව පැවති අතර "වර්තමානයේ සිටින තරුණ ක‍්‍රීඩා අමාත්‍යවරයාගේ සැලසුම් රටේ ක‍්‍රීඩාවේ ප‍්‍රගමනයට ශක්තියක්’ යයි රාජ්‍ය ඇමති නාලක ගොඩහේවා එහිදී පැවසීය.

එම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික‍්‍රමසිංහ, ගම්පහ නගරාධිපති එරංග සේනානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරරිසක් සහභාගී විය.

ඉන්දියාවේ වුණේ මොකද : විවේචනය කළ මාධ්‍යවේදිනියත් ඝාතනය කලා !

ප්‍රශ්නය එන්නේ  ඉන්දියාව ද මේ ආකාරයට හින්දු ආගමික වතාවත් ඇතුළු විශාල ජන සහභාගී පොදු උත්සව සඳහා අවස්ථාවදී මේ වන විට අත්ව සිටින තත්ත්වය නිරීක්ෂණය කිරීමේදීය.

මේ වන විට රෝගීන් රෝහල් වෙත ඇතුලත් කරගන්න පමණක් නොව රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින රෝගීන් ට අවශ්‍ය පහසුකම් පවා සැලසීමට නොහැකි අර්බුදයක් එරට මතුව තිබේ.

එසේම ඉන්දීය ආණ්ඩුවේ " හින්දු ආගමික වතාවත් " වෙනුවෙන් නිරෝධායන නීති නොතැකූ ප්‍රතිපත්තිය විවේචනය කළ මාධ්‍යවේදිනියක මහ දවාලේ පිහියෙන් ඇණ ඝාතනය කරන්නට හින්දු අන්තවාදීන් කටයුතු කර තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න