චොකලට් මල්ලිගේ දූ : නිවිතිගල සම්බන්ධීකරණ කමිටුවේ - එක රටක් නීති දෙකක් !

චොකලට් මල්ලිගේ දූ : නිවිතිගල සම්බන්ධීකරණ කමිටුවේ - එක රටක් නීති දෙකක් !

දිනපතා චොකලට් කෑම හේතුවෙන් තමන්ට "චොකා මල්ලි " යන අන්වර්ථ නම ලැබුණු බවත් ඒ හැර තමන් මැරයෙක් නොවන බව පසුගියදා පාර්ලිමේන්තුවේ දී පැවසූ මේ වන විට මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධව මරණ දඬුවම් ලබා සිටින පොදුජන පෙරමුණ මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ගේ දියනිය සම්බන්ධීකරණ කමිටුව - නිවිතිගල නියෝජනය කිරීමේ පුවතක් වාර්තා වෙයි.

ඇය පාර්ලිමේන්තු  මන්ත්‍රීවරියක හෝ වෙනත්  ජනතා නියෝජිත ආයතනයක සාමාජිකාවක නොවන අතර එවැන්නක් ප්‍රසිද්ධියේ කිරීම බලය අවභාවිත කිරීමක් බව ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරීන් පවසයි.

එසේම මේ ක්‍රියාව ආණ්ඩුවේ එක රටක් එක නීතියක් උල්ලංඝනය කිරීමක් සහ නොතකා හැරීමක් බවත් ඔවුන් පෙන්වා දෙයි. අදාළ ජායාරූපය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන  පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනවිරත්න ද සිටියි.

IMG 20210425 WA0002

මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ දැක්වූ අදහසක් පහත දැක්වෙයි .

Screenshot 20210425 142600

ජනතාව ඡන්දෙ දුන්නෙ ප්‍රේමලාල් ජයසේකරට. එයා චොක්ලට් තොගයක් එක සැරේ කාපු චෝදනාවකට මරණ දඬුවම ලැබිලා හිරේ. හැබැයි පාර්ලිමේන්තු එනවා. එයාගෙ පාර්ලිමේන්තු අසුන අහිමි උනේ නෑ.  ප්‍රේමලාල් වෙනුවෙන් එයාගෙ දුව එලියෙ රැස්වීම් වල පෙනීසිටිනවා " ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී " ශීර්ෂය යටතේ. එතකොට රන්ජන්...එයා ඉන්නෙ මිනී මැරීමේ චෝදනාවකට අවුරුදු හතරක සිර දඬුවමක් ලැබිලා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කලා. එහෙම නේද ?

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න