රිෂාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා ගැනීමට සූදානමක් : දෙරණ වාර්තාවක් !

රිෂාඩ් සහ රියාජ් දින 90 ක් රඳවා ගැනීමට සූදානමක් : දෙරණ වාර්තාවක් !

අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්  සහ ඔහුගේ සොහොයුරාව දින 90ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව දෙරණ වෙබ් අඩවිය වාර්තා කරයි .

එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයී.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ  සඳහන් කළේ ඊයේ (24) දිනයේදී අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම් සිදුකරන බවය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් ‍රෝහණ සඳහන් කළේය.පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ ඝාතකයින්ට ආධාර අනුබල දීම සහ සබඳතා පවැත්වීම යන චෝදනා යටතේ හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් හා ඔහුගේ සොහොයුරෙකු වන රියාජ් බදියුදීන් ඊයේ අත්අඩංගුවට ගෙන තිබුණි. 

අනතුරුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක කාලයක් රඳවා‍ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රැඳවුම් නියෝගය ලබාගෙන තිබුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න