පාස්කු ප්‍රහාරය : විපක්ෂය සිදුකළ අනාවරණ කතෝලික පූජ්‍ය පක්ෂයට !

පාස්කු ප්‍රහාරය : විපක්ෂය සිදුකළ අනාවරණ කතෝලික පූජ්‍ය පක්ෂයට !

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  හරීන් ප්‍රනාන්දු මනූෂ නානායක්කාර ඇතුළු සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ කිහිපදෙනෙකු  පසුගිය දිනකිහිපයේ හි පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කළ තොරතුරු රටේ ආන්දෝලනයක් ඇතිකළ අතර ඊට අදාළ  වාර්තාවක් කතෝලික පූජක පක්ෂයට භාර දීම ඊයේ (26) පෙරවරුවේ කොළඹ දී සිදුවිය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම නියෝජනය කරමින් මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් කතෝලික පියතුමන්ලා සහ පැවිදි සොයුරියන් වෙත එම වාර්තාව පිළිගන්වා තිබේ.
 
මෙම අවස්ථාවට ලක්ෂ්මන් කිරිඇල්ල, පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, මනූෂ නානායක්කාර, නලීන් බණ්ඩාර, හර්ෂ ද සිල්වා යන සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහභාගී වූ අතර ඔවුන් පිරිස කතෝලික සභාවේ ප්‍රධාන පූජකවරුන්, නිකායන් වල ප්‍රධානීන් සහ කන්‍යා සොයුරියන් සමඟ විශේෂ සාකච්ඡාවක් ද පවත්වා ඇත. 
 
මෙම සාකච්ජාව මරදාන CSR ආයතනය තුළ  දී පැවැත්වීමට කටයුතු කර තිබුනද කොරෝනා වසංගත තත්ත්වය හමුවේ එවැනි රැස්වීමකට ඉඩදිය නොහැකිබව පොලිසිය විසින් දැනුම්දී තිබිණ. එම තත්ත්වය තුල අදාල හමුව පැවැත්වුයේ කොළඹ නගරයේ වෙනත් දේවස්ථානයක් තුළයි.
 
විශේෂයෙන්ම මෙම හමුවේදී,  පසුගිය දිනවලදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ඉදිරිපත් කළ කරුණු පිළිබඳව සහ නගන ලද ප්‍රශ්න පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ. එසේම හරීන් ප්‍රනාන්දු මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ගැනත් විපක්ෂය චෝදනා කරන අතර මේ වන විට මන්ත්‍රීවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
 

175908985 4061390540551058 3081079382869249402 n

177708414 4061390590551053 7007610794054751676 n

SJB 2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න