ලංකාවේ ඔක්සිජන් ඉල්ලුමත් ඉහළට : දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාව ආසන්නයේ !

ලංකාවේ ඔක්සිජන් ඉල්ලුමත් ඉහළට : දැඩි සත්කාර ඒකක උපරිම ධාරිතාව ආසන්නයේ !

මෙරට දැඩි සත්කාර ඒකක සම්පූර්ණ ධාරිතාවයට ළඟා වෙමින් ඇතැයි කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය සඳහන් කළේ තරුණ ප්‍රජාවට වැඩි සංකූලතා පැමිණීම ඊට හේතුවී ඇති බවය.

ශ්‍රී ලංකාවේ මේ වනවිට පවතින දැඩි සත්කාර ඒකක ඇදන් ප්‍රමාණය 700ක් පමණ වන බව වෛද්‍ය සැපයුම් අංශය සදහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය තුළ නව ඇඳන් 70ක් පමණ ප්‍රමාණයක් ඊට එක් කළ හැකිව තිබේ.

මෙතෙක් ක්‍රියාත්මක නොවූ දැඩි සත්කාර ඒකක සඳහා වහාම කාර්ය මණ්ඩල අනුයුක්ත කරමින් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවාය.

සෞඛ්‍ය අමාත්‍යාංශය රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත දන්වා ඇත්තේ දැඩි සත්කාර ඒකක පුහුණුව ලැබූ කාර්ය මණ්ඩල වෙනත් වාට්ටු තුළ සිටී නම් අවශ්‍යතාවය පරිදි ඔවුන් දැඩි සත්කාර ඒකක වෙත අනුයුක්ත කරන ලෙසය.

ඊට අමතරව හයිෆ්ලෝ ඔක්සිජන් යන්ත්‍ර සහිත රෝහල් ඇදන් ප්‍රමාණයත් වැඩිකරමින් පවතින බව වෛද්‍ය සැපයුම් අංශ සදහන් කළේය.

දැනට රෝහල් ගතකර තිබෙන විශාල රෝගීන් ප්‍රමාණයකට ඔක්සිජන් සැපයුම ලබා දීමට සිදුව තිබේ.

මෙම තත්ත්වය තුළ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරුන් වෙත ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත්තේ ඔවුන් සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය තහවුරු කර දැනුම්දෙන ලෙසය.

මෙරට රෝහල් සඳහා ඔක්සිජන් සැපුයම සිදු කරන්නේ මෙරට තුළ පවතින සමාගම් 2කි.

සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා ලිපියක් යොමු කරමින් ඔවුන්ගේ ධාරිතාවය පිළිබඳව ද විමසා ඇතැයි වෛද්‍ය සැපයුම් අංශය සඳහන් කළේය.

එම සමාගම් ප්‍රකාශ කර ඇත්තේ දැනට සැපයුම් කරන ඔක්සිජන් ප්‍රමාණය මෙන් තුන් ගුණයක ධාරිතාවයක් තමන්ට සැපයිය හැකි බවය.

– newsfirst

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න