මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමට ලක්ව ඇති හිටපු අමාත්‍ය , පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් සම්බන්ධ කාරණයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ද ප්‍රශ්න කිරීමට ලක්වීමේ අවධානමක් මතුව ඇති බව වාර්තා වෙයි.
පාස්කු ප‍්‍රහාරයේදී මරාගෙන මැරෙන ප‍්‍රහාරයක් එල්ල කළ මොහොමඞ් ඉල්හාම් නමැති ව්‍යාපාරිකයාට අයත් වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවට නීත්‍යනුකූල නොවන ආකාරයට රුපියල් කෝටි ගණනක් වටිනා අබලි තඹ තොග ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඞ් බදුර්දීන්ගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කර ඇත.
විශ්වාසවන්ත ආරංචිමාර්ග පවසන්නේ අදාළ තඹ තොග නිකුත් කිරීම වෙනුවෙන් වන ලිපියක් එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ කාර්ය මණ්ඩල ප්‍රධානියකු ලෙස කටයුතු කළ ශාන්ත බණ්ඩාර විසින් නිකුත් කර ඇති බවය.
කෙසේ වුවත් මේ වන විට රිෂාඞ් බදුර්දීන් සහ සොහොයුරා දින 90ක කාලයක් රඳවා තබාගැනීමේ නියෝග ලබාගෙන ඇති අතර පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් සමග පැවැත්වූ සම්බන්ධතා පිළිබඳව ඔවුන්ගෙන් වෙන වෙනම ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
