කොළඹ වරාය නගර කොමිෂන් සභාව පිහිටුවීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පැවැති පෙත්සම් විභාගය අවසන් කර, එහි තීන්දුව ලබාදීමට නියමිතව තිබියදී, අධිකරණයේදී ඉදිරිපත් වූ මත දැක්වීම්ද පදනම් කර ගනිමින් ඒවාට උත්තර දීමේ ප්‍රචාරක දැන්වීම් පුවත්පත්වල පළකර තිබේ.
එම වරාය නගරය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විනිමය කොමිෂන් සභාව, ආයෝජන මණ්ඩලය සහ සංචාරක අමාත්‍යාංශය ඒකාබද්ධව මහජන මුදල් වියදම් කරමින් එම දැන්වීම පළකර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයේදී විමසා බැලුණු කොළඹ වරාය නගරය ලංකාවේ නීති මගින් පාලනය නොවෙයි, මෙම කොමිෂන් සභාව කොළඹ මහ නගර සභාව මගහැර ඇතත් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයන් නීතියට යටත් නොවන රාජ්‍යයක් පිහිටුවාගෙන යනු ඇත. වරාය නගරය පාර්ලිමේන්තුවට පිළිතුරු දීමට බැඳී නැත. ආදී කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙම වෙළඳ දැන්වීමෙන් පිළිතුරු ලබාදී ඇත.
මෙහිදී විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ මතු කරන ලද මූලික කරුණු දැක්වීම් විකෘති කළ අර්ථකථන ප්‍රසිද්ධ කරමින් ඒවාට අදාළ වෙළඳ දැන්වීම මගින් පිළිතුරු ලබාදී ඇත.
lanka truth
https://newstube.lk/administrator/index.php?option=com_content&view=article&layout=edit&id=12164
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
