Language Switcher

V2025

පාසල් විවෘතව තැබීමත් රිවස් : දිවයින පුරා වසයි !

රට පුරා සියලුම පාසල් වසා දැමීමට රජය තීරණය කර තිබේ.

අද (27) රැස් වූ කැබිනට් මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමිනි.

ඒ අනුව මෙසේ පාසල් වසා දැමීම අප්‍රේල් මස 30 වැනිදා දක්වා බලපැවැත්වෙන අතර වර්ධනය වන තත්ත්වයන් සලකා බලා ඉදිරි පියවර ගැනීමට නියමිතය.

මීට පෙර ආණ්ඩුව තීරණය කර තිබුණේ බස්නාහිර සහ වයඹ යන පළාත් වල සියලු පාසල් වැසීමට වන අතර පසුව කෑගල්ල දිස්ත්‍රික්කයද එම ලැයිස්තුවට ඇතුළත් විය.

නමුත් මේ වන විට දිවයින පුරා සියලු පාසල් මෙම තීරණයට අදාළව තිබේ.