යෝජිත කොළඹ වරාය කොමිෂන් සභා පනත අනුව පෝර්ට්සිටිය තුළ වෙනමම කොටස් වෙළෙඳපොළක් ස්ථාපිත කෙරෙන බව විමසුමකට මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසා ඇත.
අමාත්‍යවරයා පවසා ඇති ආකාරයට මෙම කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදුකළ හැක්කේ ඩොලර් - පවුම් හෝ වෙනත් පිළිගත් විදේශීය මුදල් ඒකකවලිනි.
ශ්‍රී ලංකාවේ මහ බැංකු නීතිරීතිවලට පටහැණි නොවන ආකාරයෙන් මෙය පවත්වාගෙන යා යුතු අතර එහි නියාමනය එය පිහිටුවීමට මුල්වන රට විසින් සිදුකළ යුතු යැයිද කබ්රාල් අමාත්‍යවරයා කියා ඇත.
අමාත්‍යවරයා මේ අදහස් දක්වා ඇත්තේ දේශය පුවත්පත සිදුකළ විමසීමකදී වන අතර එම පුවතේ වැඩිදුරටත් මෙසේද දැක්වෙයි.
ලෝකයේ සංවර්ධනය වන රටවල් රැසක මෙවැනි කොටස් හා ව්‍යාපාර වස්තු වෙළෙඳපොළවල් ස්ථාපිත කර තිබේ.
එයින් ජාතික ආර්ථිකයට කිසිදු හානියක් සිදුනොවන අතර රට තුළට විදේශ මූල්‍ය සම්පත් ගලා ඒම සිදුවෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
