බස්නාහිර වයඹ පාසල් වැසෙයි : ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි !

බස්නාහිර වයඹ පාසල් වැසෙයි : ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කරයි !

එළැඹෙන අප්‍රේල් 30 වනදා දක්වා බස්නාහිර සහ වයඹ යන පළාත් වල  සියළු පාසල් වසා දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇති අතර එය හෙට (27) සිට ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව පිරිවෙන් සහ පෙරපාසල්ද වැසෙනු ඇති අතර බලධාරීන් මෙම තීන්දුව ගෙන ඇත්තේ අදාළ දෙපළාත තුළ කොරෝනා වසංගත ව්‍යාප්තියේ සීග්‍ර වර්ධනය සැළකිල්ලට ගනිමින්ය.

කෙසේවුවත් සෙසු පළාත්වල පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවත් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

මේ අතර කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී, හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන්නේ ගම්පහ, කළුතර සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර ඇති අතර එම තත්ත්වය  අද (26) රාත්‍රී 08.00 සිට ක්‍රියාත්මක වන බවය.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව පොලිස් බල ප්‍රදේශයේ පොල්හේන, හීරලුගෙදර, කළුඅග්ගල යන ග්‍රාම සේවා වසම් සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ අස්වැන්නවත්ත නැගෙනහිර ග්‍රාම සේවා වසම හුදකලා කෙරෙනු ඇත. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ මිරිස්වත්ත, පැලවත්ත උතුර සහ පැලවත්ත නැගෙනහිර යන ග්‍රාම සේවා වසම් ද හුදකලා කරනු ඇත.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත්‍රිකුණාමලය පොලිස් බල ප්‍රදේශයේ පූම්පුහාර් ග්‍රාම සේවා වසම ද හුදකලා කිරීමට තීරණය කර ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසන අතර ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම පොලිස් බල ප්‍රදේශයේ ඉඹුල්ගොඩ සහ කටුදම්පේ ග්‍රාම නිලධාරී වසම් ද අද රාත්‍රී හුදකලා කරනු ඇත.

මීට අමතරට දඹුල්ල, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රය ද සති දෙකක කාලයක් හුදකලා කර තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න