නුවරඑළිය මහ නගර සභාවේ නගරාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම ආයතනයේ සේවකයන් වෙනුවෙන් පවත්වන ලද අවුරුදු උත්සවයක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ ගේ අවධානය යොමු ව තිබේ.
සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නොතකමින් න්‍රවරඑළිය ග්‍රෙගරි වැව පරිශ්‍රයේදී පවත්වා ඇති එම අවුරුදු උත්සවයේදී මහ නගර සභාවේ සේවකයින් හට දිවා ආහාරය සහ මත්පැන් ද ලබා දී ඇති බවට තමාවෙත තොරතුරු ලැබී ඇති බවත් ආණ්ඩුකාරවරයා පවසයි.
අදාළ උත්සවය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තමා වෙත කරුණු වාර්තා කරන ලෙස මධ්‍යම පළාත් , පළාත් පාලන කොමසාරිස් මේනක හේරත් වෙත මේ වන විටත් උපදෙස් ලබා දී ඇති බවත් එම පරීක්ෂණ වාර්තාව පදනම් කරගෙන ඉදිරි ක්‍රියාමාර්ග වල යොමු වන බවත් ආණ්ඩුකාරවරයා පවසා සිටී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
