ඉතාලියද ඉන්දියානු ගුවන් ගමන් තහනම් කරයි : එතකොට ලංකාව ?

 ඉතාලියද ඉන්දියානු ගුවන් ගමන් තහනම් කරයි : එතකොට ලංකාව ?

උද්ගතව ඇති අති භයානක තත්වය හමුවේ ඉතාලි රජය ඉන්දියාව හා පැවති ගුවන් ගමන් හා සංචාරක සේවා සියල්ල නවතා දැමීමට කටයුතු කරණු ලැබිණ.

ඉතාලිය තුල ප්‍රධාන පෙලේ තාක්ෂණික සමාගම් වල සේවය කරන හා අනෙකුත් රැකියාවල සේවය කරන බහුතර ඉන්දියානුවන් සිටින බැවින් ඔවුනට ඉතාලියෙන් පිටවීම හා ඉන්දියාවේ සිට ඉතාලියට පැමිණීම මෙරට රජය සමුපූර්ණයෙන්ම අත් හිටුවා ඇත..

එහෙත් එය සමස්ථ රටවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් තීරණයක් බවත් ඉන්දියාවට අවශ්‍ය උපකාර කිරීමට රජයක් ලෙස බලාපොරොත්තු වන බවත් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරන ලදී….

ඇතුවී තිබෙන ඔක්සිජන් හිඟයට ඉතාලියෙන් සහන !        

දෙවන රැල්ලේ උපරිම තත්වයකට පත්ව අතිශය සෝචනීය ඉරණමකට මුහුණදී සිටින ඉන්දියානුවන් වෙනුවෙන් ඔක්සිජන් සිලින්ඩර ලභාදීම වෙනුවෙන් මේවන විට සාකච්ඡා ආරම්භවී තිබේ…….. රටේ හා ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සංචරණ තහනම නිසි අවස්ථාවේ යුහුසුළුව ක්‍රියාත්මක කිරීම ගැන මෙරට වෙසෙන ඉන්දියානුවන්ගේද පැසසුමට ලක්වී ඇත…

ඉන්දියාවට ආසන්නම රට ශ්‍රී ලංකාවයි !          

මුහුදු මාර්ගය ඔස්සේ කිලෝමීටර් තිහකට ( 30 ) ආසන්න දුරකින් ඇතිවී තිබෙන දරුණු ව්‍යසනය හේතුවෙන් මේ මොහොතවන විට රටක් ලෙස ශ්‍රී ලංකාවේ ඇති සූදානම කුමන ආකාරයක්ද යන්න ගැන ඉතාලි ජාතිකයන්ගේ මෙන්ම රජයේද අවදානය යොමුවී තිබෙනු ඇත…

මක්නිසාදයත් බහුතර ශ්‍රීලාංකිකයන් පිරිසක් ඉතාලියේ සේවය කරන අතර ලංකා රජය ඉන්දියානු කොරෝනා අවදානම ගැන දක්වන සැලකිල්ල මත මෙරට ජීවත් වන ශ්‍රී ලාංකිකයන් හටද තම මව් රටට පිටපිටත්වීමට නොහැකි වීමේ වැඩි ඉඩක්  නිර්මාණය වීමට ඇති හැකියාවක් ඇත…..

මක්නිසාදයත් දැනට ඉන්දියානුවන් සංචාරක බුබුළු ව්‍යාපෘති යටතේ ශ්‍රී ලංකාවේ නිරෝධායනය වී වෙනත් රටවලට සංක්‍රමණය වීම නිසාවෙනි….

යම් හෙයකින් ඉන්දියානු නව ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුලු වුව හොත් එය අතිශය දරුණු තත්වයක වනු නියතය…. 

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍ය,කුවේට්,කැනඩාව,ඉතාලිය,එංගලන්තය,මාලදිවයින,ඕමානය ඉන්දියාව හා සියලුම සංචරණ,ගුවන් ගමන් තහනම් කොට ඇත..

sumusu M 150pxසුමුදු මද්දුමආරච්චි

මිලානෝ,ඉතාලිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න