සජිත් වටා පක්ෂයක් හැදුවා මිස සජිත් හැදූ පක්ෂයක් නෑ : සජිත්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර !

සජිත් වටා පක්ෂයක් හැදුවා මිස සජිත් හැදූ පක්ෂයක් නෑ  : සජිත්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර !

තමාගේ ගමනට බාධා කරන පුද්ගලයින් ඇත්නම් පක්ෂයෙන් ඉවත්වන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පවසයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් දක්වා සිටියේ කිරින්ද ප්‍රදේශයේ පැවති විපක්ෂ නායක ජංගම සේවය වැඩසටහනට එක්වෙමින් ය.

 අතීතයේ මෙන් තමන්ගේ වැඩවලට බාධා කිරීමට කිසිවෙකුටත් ඉඩ ලබා නොදෙන බවත් පැවසූ ඔහු වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මම මෙතෙක්කල් දේශපාලනය කළේ විවිධ ප්‍රශ්න මැද්දේ. මට වැඩක් කරන්න දුන්නේ නෑ. මගේ කකුලෙන් ඇද්දා. මට අවහිර කළා. මං පැහැදිලිවම එක දෙයක් කියන්න ඕනේ. ඔය මොන ප්‍රශ්න තිබුණත් මට ජනතාවට වැඩ කරන්න උදව් කරපු එක මනුස්සයෙක් හිටියා. ඒ තමයි හිටපු ජනාධිපතිතුමා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි මට පුළුවන් තරම් හයිය දුන්නේ. දැන් මගේ පක්ෂය ඇතුළත කාටවත් බෑ මගේ කකුලෙන් අදින්න. එහෙම ඉඩ දෙන්නෙත් නෑ. එහෙම කකුලෙන් අදින කට්ටියට පුළුවන් පිටතට ගිහිල්ලා තම තමන්ගේ දේවල් ටික කරගන්න."

සජබ සජිත්ගේ භූදලයක් ! 

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ගේ මේ ප්‍රකාශය සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ ඉතා ඉක්මනින් සමගි ජනබලවේගය පක්ෂය දියවීමේ නිමිති මේ ප්‍රකාශ හරහා පෙන්නුම් කරන බවයි.

නායකත්වයට ඇති සුදුසුකම සම්බන්ධව තමන්ට දෙඟිඬියාවක් නැත්නම් මෙවැනි ප්‍රකාශ කිරීමට කිසිම අවශ්‍යතාවක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙයි.

දේශපාලන නායකත්වයක් ලැබීමට අවස්ථාවාදී රොත්තක් වටකර ගැනීම ප්‍රමාණවත් නොවන බවත් ඊට නායකත්ව පෞරුෂයක් දැක්මක් සහ දියුණු කියවීමක් පැවතිය යුතු බවත් ඔවුන් පෙන්වා දෙයි.

සියල්ලට වඩා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායක නොදන්නේ සමගි ජනබලවේගය පක්ෂය ගොඩනැගීම සිදුකළේ සජිත් ප්‍රේමදාස නොව වටේ සිටි පිරිසක් බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

දැන් සජිත් පක්ෂය පෙන්වා වටේ සිටින පිරිස මෙල්ල කරන්න ගියත් සජිත් වටා පක්ෂයක් ගොඩනැගූ හැටි සිහිපත් කරගන්න හැකි නම් වැදගත් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න