ITN 20 යි මව්බිම 14 යි සහ සිරසේ 02 යි :

 ITN  20 යි මව්බිම  14 යි  සහ සිරසේ 02 යි :

මේ වනවිට ශ්‍රී ලංකාවේ මාධ්‍ය ආයතන ගණනාවක කොරෝනා වෛරසය ධනාත්මකවූ රෝගීන් වාර්තා වන අතර ඊයේ  (28) සවස වාර්තාවූ සංඛ්‍යාලේඛන අනුව අඩුතරමින් 36 දෙනෙකු කොරෝනා වෛරස ආසාදනයවී ඇතැයි වාර්තා විය.

චීන ආරක්ෂක ඇමතිගේ පැමිණීම ආවරණය කිරීමට පෙර ඊට සහභාගීවන මාධ්‍යවේදීන්ට කළ අනිවාර්ය පීසීආර් පරීක්ෂණය නිසා මෙම කොටසක් හදුනාගන්නට ලැබිණි.

ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ (ITN ) 20, මව්බිම පුවත්පතේ 14 සහ Sirasa TV නාලිකාවේ 02 ක් මෙම ආසාදිතයින් අතර සිටිති.

අහඹු පීසීආර් පරීක්ෂණ තවත් සිදු කර තිබෙන අතර ලැබෙන වාර්තාවලින් කියැවෙන්නේ මෙම සංඛ්‍යාව තවත් ඉහළ යාහැකි බවය.  

මේ අතර ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රවීණ නිවේදක වසන්ත රෝහණ මහතා වෛරසය ආසාදිතව අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවූ බවද පසුගිය සතියේ වාර්තාවී තිබුණි.

PCR නෑ !

කෙසේ වුවත් ප්‍රධාන ධාරවේ පුවත්පතක සේවක පිරිස වෙත PCR පරීක්ෂණ කිරීමට අනිවාර්යය වූ තත්ත්වයක් මතුව ඇති නමුත් පාලනාධිකාරිය එය නොතකා සිටින බවත් වාර්තා වෙයි.

සීමිත ඉඩකඩක් තුළ පවතින ආයතනයේ කොරෝනා ආසාදනයවූවන් රෝහල් ගතව ඇති නමුත් ඔවුන් සමග එකට රාජකාරී කළ අනෙක් සේවක පිරිස නිරෝධායනයට හෝ ලක්නොකිරීම හේතුවෙන් ඔවුන් දැඩි මානසික ආතතියකට පත්ව සිටින බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න