COVID-19 තත්වය හමුවේ අන්තර්ජාල අපරාධවලින් ආරක්ෂා වන්න

COVID-19 තත්වය හමුවේ අන්තර්ජාල අපරාධවලින් ආරක්ෂා වන්න

COVID-19 වයිරස තත්වය යලිත් ශ්‍රී ලංකාව තුල හිස එසවීමත් සමගම මෙම තත්වය උපයෝගීකරගනිමින් සිදුවන සයිබර් ප්‍රහාරවල ඉහල යාමක්  නිරීක්ෂණය වී ඇති බව  ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි.

සමාජයේ දැඩි ඉල්ලුමක් පවතින භාණ්ඩ ත්‍යාගයක් ආකාරයෙන් නොමිලේ ලබාදෙනවා යැයි පැවසෙන ව්‍යාජ කෙටි පණිවිඩ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර ඇත.

COVID-19 තත්වය යටතේ අන්තර්ජාලය හරහා සිදුවන අපරාධවලින් ආරක්ෂාවී සිටීමට පරිශීලකයන්ට අවශ්‍ය තොරතුරු තාක්ෂණික මාර්ගෝපදේශන කිහිපයක් පහතින්.

  • සමාජ මාධ්‍ය හා ඊමේල් ගිණුම් සදහා සුරක්ෂිත වෙනත් පුද්ගලයන්ට අනුමාන කළනොහැකි මුරපද භාවිතා කිරීම.
  • අන්තර්ජාල ගිණුම් සදහා දෙවන සාධක සත්‍යාපනය නොහොත් 2 factor authentication සක්‍රිය කිරීම.
  • අනාරක්ෂිත වෙබ් අඩවි භාවිතයෙන් වැළකීම සහ අනාරක්ෂිත වෙබ් අඩවි වෙත credit,debit කාඩ් තොරතුරු ඉදිරිපත් කිරීමෙන් වැළකීම.
  • COVID-19,Free Data,Free Laptop ආදී විවිධ ස්වරූපයෙන් පැමිණෙන කෙටි පණිවිඩ වෙත ඔබගේ පෞද්ගලික තොරතුරු ලබාදීමෙන් වැළකීම.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න