හිටපු පොලිස්පතිවරයෙකු සහ තානාපතිවරයෙකු වූ ආචාර්ය මහින්ද බාලසූරිය කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.
මහින්ද බාලසූරිය මෙරට 33වැනි පොලිස්පතිවරයා විය.
මියයන විට ඒ මහතා 68වැනි වියෙහි පසුවිය.
මහින්ද බාලසූරිය 1978 වර්ශයේදී ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වී ඇති අතර 2010-2011 වර්ශවල දී ශ්‍රී ලංකාවේ පොලිස්පතිවරයා ලෙසද කටයුතු කර තිබේ.
එසේම මහින්ද බාලසූරිය ඉන්පසුව බ්‍රසීලයේ සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
