ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට පත් කෙරේ.
ඊයේ (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතින් පත්විම් ලිපිය ලබා ගත්තේය.
කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.
විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.
ශ්‍රී ලාංකීය ගුවන් විදුලියේ නව හැරවුමක් සනිටුහන් කළ කිංස්ලි රත්නායක නිර්මාණශීලි හැකියාවන් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
