ශ්‍රී ලංකා මහ බැංකුවේ 71 වන වාර්ෂික වාර්තාව මහ බැංකු අධිපති දේශමාන්‍ය මහාචාර්ය ඩබ්ලිව්. ඩී ලක්ෂ්මන් විසින් අද (30) දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පිළිගන්වන ලදි.
මුදල් නීති පනත අනුව සෑම වර්ෂයකම අප්‍රේල් 30 වන දින හෝ ඊට ප්‍රථම මුදල් අමාත්‍යවරයාට මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පිළිගැන්විය යුතු වේ.
ඒ අනුව යමින් මුදල් අමාත්‍ය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට මෙලෙස මහ බැංකු වාර්තාව පිළිගැන්වීය.
2020 වර්ෂයේ ශ්‍රී ලංකාව විවිධ අභියෝග හමුවේ ලබා ගත් ආර්ථික ප්‍රගතිය වාර්තාවේ ඇතුළත් වන අතර ඉදිරි කාලය සදහා රාජ්‍ය ප්‍රතිපත්ති රාමුව තුළ ශ්‍රී ලංකා ආර්ථිකයේ ගමන් මග පිළිබද පුරෝකතනයක් ද මෙම වාර්තාවට ඇතුළත්ය.
මෙම අවස්ථාවට අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, මහ බැංකු අධිපති ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, නියෝජ්‍ය අධිපති මහින්ද සිරිවර්ධන, ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ චන්ද්‍රනාත් අමරසේකර ඇතුළු පිරිසක් සහභාගී වුහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
