කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඒ අතරින් 54 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් අතරින් හඳුනාගෙන ඇති බවත් ඒ අනුව මෙරටින් හඳුනාගත් සම්පූර්ණ ආසාදිතයන් ගණන 1914 ක් වෙයි.
ඊයේ දිනයේ දිස්ත්‍රික්ක 24 කින් ම ආසාදිතයින් හඳුනා ගෙන ඇති අතර එකදු අසාදිතයෙකු හෝ වාර්තා නොවූ දිස්ත්‍රික්කය වන්නේ, මොනරාගලය.
ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115,590 ක් වන අතර තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 15728 කි.
ඊයේ (4) දිනය තුළ සුවය ලබා පුද්ගලයින් 944 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග සමස්ත ආසාදිතයින් අතරින් සුවය ලැබූ පිරිස 99153 ක් දක්වා ඉහළ ගියේ ය.